අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක තරුණ සමුළුවේ සම සභාපති හා ඇමැති ඩලස් හමුවක් Featured

    අප්‍රේල් 08, 2014
    2014 ලෝක තරුණ සමුළුවට සමගාමීව ගෝලීය තරුණ වැඩසටහනේ සම සභාපතීත්වය උසුලන එක්සත් ජාතීන්ගේ කාර්මික සංවර්ධන සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්, ලී-යෝන්ග් මහතා සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතර විශේෂ නිල හමුවක් පසුගියදා ඕස්ටි‍්‍රයාවේ වියානා නුවර එක්සත් ජාතීන්ගේ මෙහෙයුම් මූලස්ථානයේදී පැවැත්විණි.
     
    2014 ලෝක තරුණ සමුළුවේ ප‍්‍රධාන තේමාව වන 2015න් ඔබ්බට ගෝලීය සංවර්ධන වැඩසටහන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඕස්ටි‍්‍රයාවේ වියානා හි පැවති ජී සෙවන්ටි සෙවන් ප්ලස් චයිනා සමුළුව අවසානයේ මෙම විශේෂ හමුව සිදුවුණි.
     
    සමුළු වාරය අතරතුරදී අධ්‍යක්ෂ ජනරාල් ලී - යෝන්ග් මහතා විසින් සිය ප‍්‍රධාන දෙසුමේදී ශ‍්‍රී ලංකාවේ පැවැත්වෙන ලෝක තරුණ සමුළුවේ සංවිධාන කටයුතු සහ ශ‍්‍රී ලංකාවේ තරුණ ක‍්‍රියාකාරකම් පිළිබඳව විශේෂ ඇගයීමක් සිදුකරන ලදී. යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සමඟ පැවති නිල හමුවේදී ඔහුගේ ප‍්‍රසාදයද පළ කර සිටින ලදී. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya