අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෙවතු පැල ලබාදීම විධිමත් කළයුතුයි - අමාත්‍ය චම්පික රණවක

     
    පිටරටින් අහාර, පළතුරු ගේන්න රුපියල් බිලියන 1, 1/2 (එකහාමාරක්) වසරකට වැයවෙනවා.
    රට ඇතුලේ යම් දෙයක් නිෂ්පාදනය කරනවා නම් එහි ප‍්‍රතිලාභය රටටයි.
    විශාල පැල ප‍්‍රමාණයක් සිටවනවා නම් නිසි වැඩ පිළිවෙලක් යටතේ ක‍්‍රියාත්මක කළ යුතුයි. එහි සාර්ථකත්වය අපි ඔප්පුකර තිබෙනවා.
               
    ලක්‍ෂ ගණන් පැල සිටවනවාට වඩා ගෙවතු පැල ලබා දිමේ වැඩසටහන  අතිශය ප‍්‍රයෝගික බව, අමාත්‍ය චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළේය.
    අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ජනධිපති පදවි ප‍්‍රප්තිය දෙවර්ෂ පුර්ණ සැමරුම වෙනුවෙන් පැවති නා පැල රෝපණ වැඩසටහනකට එක්වෙමිණි. 
     
    මෙම වැඩ සටහන නාගරික සංවර්ධන අධිකාරිව මගින් සංවිධානය කළ අතර ඊට සමගාමීව ගෙවතු රෝපණ පැල දහසක් බෙදා දිමද සිදු විය. මෙම වැඩ සටහන ශ‍්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ, පාර්ලිමේන්තු දෙපස මාර්ගයේ නා පැල රෝපණය කිරිමෙන් සිදු විය.
     
    2007 සිට 2010 දක්වා මා පරිසර අමාත්‍යවරයාව සිටි සමයේ ලක්‍ෂ ගණන් පැල සිටවනවාට වඩා ගෙවතු පැල ලබා දිමේ වැඩසටහන ක‍්‍රියාත්මක කළා .
     
    මේ රට ඇතුලේ  සුපිරි වෙළදසැල් වල විදේශ පළතුරු  ඕනේ එකක් මිලදි ගන්න පුළුවන්, පිටරටින් අහාර, පළතුරු ගේන්න වසරකට ඩොලර් බිලියන එකහාමරක් පමණ වැය කරනවා. අත්‍යවශ්‍ය අහාර පිටරටින් ගෙන්වුවාට පිට රටින් ගේන පළතුරු වල ගුණාත්මක භාවය, වස විස තියෙනවාද කියලා අප දන්නේ නෑ. රට ඇතුලේ යම් දෙයක් නිෂ්පාදනය කරනවා නම් එහි ප‍්‍රතිලාභය රටටයි. සෑම රජයේ ආයතනයක සේවක සේවිකාවන්ගේ නිවෙස් හි අවශ්‍ය පැල රෝපණය කරගන්නවා නම්  පැල ලක්‍ෂ ගනන් හිටවනවාට වඩා ප‍්‍රායෝගික බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya