අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අනාරක්ෂිත භූමිවල පදිංචි පවුල් 10,000 වසර දෙකකදී ආරක්ෂිත ස්ථානවල පදිංචි කරනවා

    නොවැම්බර් 18, 2014

    අනාරක්ෂිත භූමිවල පිහිටා ඇති නිවාසවල ජීවත් වන පවුල් 10,000ක් ඉදිරි වසර දෙක තුළ ආරක්ෂිත ස්ථානවල පදිංචි කරන බවත්  ආපදාව අවම කිරීමත් එවැනි තත්ත්වයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමත් තම වගකීම බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර  මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දහතුන් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද විශේෂ කාරක සභා අවස්ථාවට යොමුකරන ලද ඵලදායිතා ප්‍රවර්ධන, වැවිලි කර්මාන්ත, සුළු අපනයන බෝග ප්‍රවර්ධන, පොල් සංවර්ධන හා ජනතා වතු සංවර්ධන, සීනි කර්මාන්ත සංවර්ධන, විශේෂ ව්‍යාපෘති, සමාජ සේවා, නැවත පදිංචි කිරීමේ, ආපදා කළමනාකරණ, උද්භිද උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු හා වනජීවී සම්පත් සංරක්ෂණ යන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි.

    රටේ සංවර්ධනයට ඇති ප්‍රධාන ම බාධාව ආපදා ඇති වීමයි. මීරියබැද්දේ නායයාමේ සිද්ධියට ගොදුරු වූ සියලු දෙනාට ස්ථිර නිවාස ඉදිකිරීමට පියවර ගන්න ඕනෑ. අවදානම් නිවාස 10,000ක් පමණ ඇති බවට විශ්වාස කරනවා. ඉන් 5,000ක් පමණ හඳුනාගෙන තිබෙනවා. වතුවල ම පදිංචි වීමට සුදුසු ඉඩම් හඳුනාගැනීමට කටයුතු කරනවා. එම ඉඩම් ලබා නොදුන්නොත් ඒවා පවරා ගැනීමට කටයුතු කරනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණය කිරීමට පියවර ගන්නා බවත් අනාරක්ෂිත භූමිවල පදිංචි පවුල් 10,000 වසර දෙකක් ඇතුළත ආරක්ෂිත ස්ථානවල පදිංචි කිරීම අපේක්ෂාව බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya