මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩකයන්ට ප්‍රධාන වශයෙන් මානසිකව උදව් කළ යුතුයි

    නොවැම්බර් 17, 2014

    (දෙවන යාවත්කාලීන කිරීම - වීඩියෝ) දීර්ඝ කාලීන වැඩපිළිවෙළ යටතේ අපේ ක්‍රීඩාව ඉදිරියට පැමිණි ඇති බවත් ප්‍රශ්නයක් ඇති විට වෘත්තීය මට්ටමින් ක්‍රියාත්මක වී  ඒ මොහොතේ ම කතා කර විසඳන බවත් තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා පවසයි.


    මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (17) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ දොළොස් වැනි දින විවාදයට එක්වෙමිනි.

    අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ 136 හා 219 වැය ශීර්ෂයන් විවාදයට ගැනිණි‍.

    ලෝක කුසලානයට ඇත්තේ සීමිත දින ගණනක් පමණයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හොඳ නායකත්වයක් යටතේ කටයුතු කරනවා. ක්‍රීඩකයන්ට ප්‍රධාන වශයෙන් මානසිකව උදව් කළ යුතුයි. ආසියානු කුසලාන සංචාරවලදී විවේචන එල්ල වෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වුවමනා එපාකම් දැනගන්න වැඩපිළිවෙළක් දියත් කර ඇති බවත් ඒ සඳහා නායකත්වය, පුහුණුකරුවන් හා තේරීම් කමිටුව සමඟ කතා කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

    ඉල්ලන හැම දෙයක් ම ක්‍රිකට් ආයතනයෙන් ලබා දෙනවා. මේ ගැන ක්‍රිකට් තේරීම් කමිටුවත් දන්නවා. ලිංගික අල්ලස් ගැන කාන්තා ක්‍රිකට් කණ්ඩායමෙන් කළමනාකරණය දැනුවත් කර නැහැ. විනය කමිටුවක් ක්‍රියාත්මක වන අතර ක්‍රිකට් ආයතනයත් පරීක්ෂණ සඳහා ඉඩදෙනවා. පරීක්ෂණ කවදාවත් යට ගහන්නේ නැති බවත් මේ අය කළමනාකාරිවය සමඟ පෞද්ගලික ව කතා කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya