මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්.ටී.ටී.ඊ.ය මිනිස් පලිහක් ලෙස ජනතාව තබා ගත්තා

    නොවැම්බර් 04, 2014

    එල්.ටී.ටී.ඊ.ය මිනිස් පලිහක් ලෙස ජනතාව තබා ගත් බවත් ආණ්ඩුව කළේ මානුෂික මෙහෙයුමකින් ජනතාව බේරා ගැනීම බවත් නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (04) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත තෙවැනි වර කියැවීමේ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

    පැවති රජයන්ට විරුද්ධ ව කටයුතු කළ බොහෝ මන්ත්‍රීවරුන් මේ සභාවේ ඉන්නවා. ඇයි මට ඉන්න බැරි? සාමාජිකයන් 350ක් සිටි එල්.ටී.ටී.ඊ. සංවිධානය, ප්‍රේමදාස ජනාධිපතිවරයා සාමාජිකයන් 5,000කට පමණ ආයුධ ලබා දුන්නා. ඔබලා මට දිගින් දිගට ම පහර දුන්නොත් මා රහස් සියල්ල හෙළි කරනවා යැයි ඔහු අවධාරණය කළේය.

    එල්.ටී.ටී.ඊ.ය විනාශ කරන්න මහින්ද රාජපක්ෂ මහතා හොඳ තීරණයක් ගත්තා. ගෝඨාභය රාජපක්ෂ මහතාට බලය ලබා දුන්නා. සම්බන්ධන් මහතා කිව්වා සමූල ඝාතනයක් සිදු වුණා කියලා. එය සමූල ඝාතනයක් නෙමෙයි. ගලවා ගැනීමක්. ඔවුන් මිනිස් පලිහක් ලෙස ජනතාව තබා ගත්තා. ආණ්ඩුව කළේ ජනතාව බේරා ගැනීමයි. මගේ සහෝදරයාත් මරා දැම්මා. ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානයක් බවට පත් වෙනවාට කැමතිද? අපේ රජය ජාත්‍යන්තරයට ඇඟිලි ගසන්න දුන්නේ නැහැ. දෙමළ ජනතාවට සාක්ෂි දෙන්න කියා උනන්දු කළා. ටී.එන්.ඒ., දෙමළ ඩයස්පෝරාව දමිළ සිසුන්ට එක පරිගණකයක්වත් ගෙනත් දුන්නාද? මේ අය තුළ තිබෙන යුදකාමී මානසිකත්වය නිසයි හමුදාව ටිකක් හරි ඉන්නේ. ජාතික ආරක්ෂාව සහතික කිරීම මේ අයගේ වගකීමක්. ගංවතුරක් ආවා උතුරු නැගෙනහිරට, දෙමළ ජනතාව බේරා ගත්තේ හමුදාවයි. කොස්ලන්ද විපතේදිත් එසේ ම බව අමාත්‍යවරයා සඳහන් කළේය.

    http://www.youtube.com/watch?feature=player_embedded&v=xW5C_nCt7uA 

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya