අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අය-වැය දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම අද Featured

    නොවැම්බර් 01, 2014

    විසර්ජන පනත් කෙටුම්පත (2015) විවාදයේ හත්වැනි දිනය වන අද (01) පස්වරුවේ දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වෙයි.

    පසුගිය 24 වැනි දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පනත් විසර්ජන කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදය 25 වැනි දා ආරම්භ විය.

     

    දින හතක් පෙරවරුවේ සිට පස්වරුව දක්වා ම දෙවැනි වර කියැවීමේ විවාදය පැවැත්වුණ අතර අද පස්වරු 5.00ට දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත වේ.

     

    අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ විවාදය 03 වැනි දා ආරම්භ වේ. කාරක සභා අවස්ථා විවාදයේ දී එක් එක් අමාත්‍යංශ වැය ශීර්ෂයන් පිළිබඳ ව විවාදය පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් දින 17ක් වෙන්කර තිබේ.


    2015 වසර සඳහා වන ආණ්ඩුවේ විසර්ජන පනත් කෙටුම්පත තුන්වනවර කියැවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 24 වැනි බදාදා පස්වරු 5.00ට පැවැත්වීමට නියමිත ව ඇත.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya