අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රණ විරු දෙමාපියන්ට ලබා දුන් දීමනාව රුපියල් 1000 දක්වා ඉහළට

    ඔක්තෝබර් 24, 2014

    ත්‍රස්තවාදයට එරෙහි ව සටන් වැදීමට රට වෙනුවෙන් දූ පුතුන් භාරදුන් දෙමාපියන් වෙනුවෙන් දැනට ලබාදෙන රුපියල් 750 දීමනාව රුපියල් 1000 දක්වා වැඩි කිරීමට ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (24) අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවසීය.


    එම දීමනාව පොලීසියේ හා සිවිල් ආරක්ෂක සේවයේ අයටද ලබන වසරේ සිට ලබාදීමට 2015 අයවැයෙන් යෝජනා කරන බව රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය.

    ත්‍රිවිධ හමුදාවල සාමාජිකයින්ගේ පවුල්වල තුන්වන දරු උපත සඳහා දැනට වසර 3ක සිට ලබාදෙන රුපියල් ලක්ෂයේ දීමනාව ‍ශ්‍රී ලංකා පොලීසියේ කාර්ය මණ්ඩලයට ද ලබාදීමට 2015 අයවැයෙන් යෝජනා කරන බව රාජපක්ෂ මැතිතුමා එහිදී ප්‍රකාශ කළේය.

    NDH/HC/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya