අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර නවයක් රට පුරා සිදු කළ දැවැන්ත සංවර්ධනයේ ප්‍රතිඵල මේ අය-වැයෙන්

    ඔක්තෝබර් 24, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලද මෙවර අය-වැය මඟින් මේ රටේ කරණවෑමියාගේ සිට අමාත්‍යාංශ ලේකම්වරයා දක්වා අවශ්‍යතා සොයා බලා සහන ලබා දී තිබෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.


    වසර නවයක් රට පුරා සිදු කළ දැවැන්ත සංවර්ධන සැලැස්ම නිසා මෙම සහන ලබා දීමට හැකි වූ බව පවසන අමාත්‍යවරයා රටේ සියලු දෙනා ම ලැබූ විශාල ජයග්‍රහණයක් ලෙස මෙය හැඳින්විය හැකි බව ද කියා සිටියේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (24) පාර්ලිමේන්තුවේදී අය-වැය ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව මාධ්‍යවේදීන්ට අදහස් දක්වමිනි.
     
    මේ රටේ සියලු දෙනාට ම එක සේ සමාන ව සලකමින් සහන දීමට මෙවර අය-වැය මඟින් හැකි වුණා. කෘෂිකර්මාන්තය මුල් කරගනිමින් ආර්ථිකය නංවාලීමට හැකි වීම තුළින් මේ සහන ලබා දීමට හැකි විය. සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකර්මාන්තය ඇතුළු සියලු අංශ කෙරෙහි මෙවර අය-වැය මඟින් ජනාධිපතිවරයා අවධානය යොමු කර ඇති බව පවසන අමාත්‍යවරයා අධ්‍යාපනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන් සඳහා විශාල මුදලක් වෙන් කර ඇති බව ද වැඩිදුරටත් පැවසීය.


    NDH/HC/SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya