අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අය-වැය ඔක්තෝබර් 24 පාර්ලිමේන්තුවට Featured

    ඔක්තෝබර් 10, 2014

    2015 වසරට අදාළ අය-වැය යෝජනා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබන 24 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    අය-වැය ලේඛනය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සඳහා වෙන් කර තිබූ දින ගණන වැඩිකිරීමට අද (10) පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කළ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

     

    ඒ අනුව අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය මේ මස 25 වෙනි දින ආරම්භ වේ. එය නොවැම්බර් 01 දින දක්වා දින 7ක් පැවැත්වෙන අතර දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5.00ට පැවැත්වෙනු ඇත. සෙනසුරාදා දින 04ක් ද අය-වැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.

     

    අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 03 දින ආරම්භ කරනු ඇත. එය විවාදය නොවැම්බර් 24 වන දින දක්වා පැවැත්වේ. අය-වැය තුන් වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 24 දින පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.

     

    2015 වසර වෙනුවෙන් රජයේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 26 වැනි දා අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

     

    2015 වසරේ රජයේ සමස්ත වියදම රුපියල් එක්දහස් අටසිය දොළොස් බිලියන දෙසිය අනු දෙමිලියන හත්සිය දහඅට දහසක් බවට එහි සඳහන් ව තිබුණි.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya