2029 වසරෙන් පසු ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බැලීමට කමිටුවක්

2029 වසරෙන් පසු ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බැලීමට කමිටුවක්
  • SocialShare:

2029 වසරෙන් පසුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් සලකා බැලීමට කමිටුවක් පත්කිරීමට සැලසුම්කර ඇතැයි, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

අද(20) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

ඒ අනුව ඉහත කමිටු වාර්තාව සහ විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යන කටයුතු සැලකිල්ලට ගෙන ඒ පිළිබඳව තීරණයකට එන් බවද පැවසීය. පහ වසර ශිෂ්‍යත්ව විභාගය එක්වරම අත්හිටුවීමට කටයුතු නොකරන බවද  නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය. පාසල් අතර තිබෙන විෂමතාවන් අඩු කිරීමට සහ දරුවන්ට තිබෙන පීඩනය අඩු කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.