වසා තිබූ වී ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කර නැවත විවෘත කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසිය.
අද(20) පාර්ලිමේන්තුවේ වී අලෙවි මණ්ඩලය සම්බන්ධයෙන් යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
කෘෂිකර්මාන්තය ඉහළට එසවීමේ වැඩපිළිවෙළක් රජය සතු බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. වී ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇති බවත් 75%ක් එම කටයුතු අවසන් වී ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් ඒ මහතා පසුගිය මහ කන්නයේදී එවැනි වී ගබඩා 133ක් පිරිසිදු කර යථාතත්වය ගෙන ඇතැයිද සඳහන් කළේය. එළඹෙන යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සිදු කරන බවත් ඒ මහතා පැවසීය.
වී අලෙවි මණ්ඩලයේ සොරකම් කර එම ආයතනය විනාශ කර තිබූ බවත්, මුදල් අයකර ගැනීමට විශාල ප්‍රමාණයක් තිබෙන බවත් ඉදිරියේදී එම මුදල් අයකර ගැනිමට කටයුතු කරන බවද කීය.


