හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි සිද්ධීන් නැවත රටතුළ ඇතිවීමට ඉඩ නොතබන බව සෞඛෟ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.
අද(20) පාර්ලිමේන්තුවේදි යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ඖෂධ කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුුකම් දියුණු කිරීමට රජය කටයුතුකරගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයාා සඳහන් කළේය.කළාප වශයෙන් ඖෂධ කර්මාන්තය දියුණු කරන බවද බිංගිරිය කළාපය එසේ හඳුනාගත් කළාපයක් බවද මේවන විට එහි ආයෝජනය කිරීමට ආයෝජකයින් රැසක් සූදානම් බවද කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය.
ඖෂධ මෙරටට ගෙන්වීමේදී යම් ක්‍රමවේදයක් තිබෙනවා. ඒ වගේම ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තිබෙනවා. ඒ සෑම ඖෂධයක්ම පරීක්ෂණාගාරවලදී පරීක්ෂා කරල තමයි ගන්නේ. නිවැරදි ක්‍රමවේදයෙන් බැහැරව ගිය නිසා තමයි හියුමන් ඉමියුනොග්ලොබියුලින් වැනි ගැටලු ඇති වී තිබෙන්නේ. මෙවැනි සිද්ධීන් ඉදිරියේදී ඇති වීමට ඉඩ තබන්නේ නැහැ.


