පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද රැස්වෙයි
  • SocialShare:

පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස්වෙයි.

සේවකයන්ගේ අයවැය සහන දීමනා සංශෝධන පනත් කෙටුම්පත සහ සේවකයන්ගේ ජාතික අවම වේතනය සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් 3ක් අද දිනයේ විවාදයට ගැනීමට නියමිතව ඇත.

හෙට (23) දිනයේ දී සමාගම් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර 24 වනදා ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වන කියවීමේ විවාදය පැවැත්වීමට ද නියමිත බව සඳහන් වේ.