විෂමාචාර සහ සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් වැරදිකරු වෙයි

විෂමාචාර සහ සිය ධුරයේ බලතල අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්   වැරදිකරු වෙයි
  • SocialShare:

ධූරය අත්හිට වූ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් නෙරපීම සඳහා ඔහු පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව නිර්දේශ කර ඇතැයි කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (22) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

අදාළ කමිටු වාර්තාව තමාට ලැබුණු  බවත්, එමඟින් දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහි චෝදනාවලට ඒකමතිකව වැරදිකරු කර ඇති බවත් කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.