ශ්‍රී ලංකා පොලීසියේ මේ වන විට පුරප්පාඩු 28,000ක් පවතින් බවත් එම පුරප්පාඩු පිරවීමට කඩිනමින් කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. අද (08) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
පොලිස් නිලධාරින්ගේ හිගය හේතුවෙන් පුරප්පාඩු 5000ක් සඳහා කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන බවත්, ඒ සඳහා අදාළ ගැසට් නිවේදනය පළකර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
ඉදිරියේදී පහළ ශ්‍රේණියේ සිටින පොලිස් නිලධාරින් 5000කට උසස්වීම් ලබාදීමට බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


