පාර්ලිමේන්තුව අද පෙ.ව 9.30ට රැස්වෙයි.
අද පෙ.ව 11.30 සිට ප.ව. 5.00 දක්වා අංක 2429/39 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති මුද්දර ගාස්තු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියෝගය, අංක 2434/12 සහ අංක 2435/02 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට තීරණය වී තිබේ. අනතුරුව ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.


