ඉදිරියේදී ගුරුවරු බඳවා ගැනීම් විෂයානුබද්ධව පමණයි

 ඉදිරියේදී ගුරුවරු බඳවා ගැනීම් විෂයානුබද්ධව පමණයි
  • SocialShare:

ඉදිරියේදී ගුරුවරු බඳවා ගැනීමේදී විෂයානුබද්ධව පමණක් එම බඳවාගැනීම් සිදුකරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරතන මහතා පැවසීය.

අද(20) පාර්ලිමේන්තුවේදී ජාතික පාසල්වල ගුරු හිගය සම්බන්ධයෙන් යොමුකළ වාචික් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. ඒ අනුව උපාධිධාරින් සහ විද්‍යාපීඨ බඳවාගැනීම් වලදී විෂයානුබද්ධ ගුරුවරු බඳවා ගැනීම සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ජාතික සහ පළාත් පාසල්වලද ගුරුවරුන්ගේ දත්ත පද්ධතිය නිසායාාකාරව යාවත්කාළීන වී නැතැයිද නියෝජ්‍ය  අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ගුරුවරුයාා උගන්වන්නේ කුමන පාසලේද, විශ්‍රාම යන දිනය ආදී තොරතුරු නිසි පරිදි යාවත්කාළීන කර ඉදිරියේදී ගුරුහිගය විසඳීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.