මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව පෝලියෝ රෝගීන් සිවු දෙනෙක් පකිස්තානයෙන්

    දෙසැම්බර් 28, 2014

    තවත් පෝලියෝ රෝගීන් සිවු දෙනෙක් පකිස්තානයෙන් වාර්තා වූ බව ද හින්දු පුවත් සේවය පවසයි. ඒ අනුව මේ වසර තුළ පකිස්තානයෙන් පෝලියෝ රෝගීන් 295ක් වාර්තා වී ඇත.

    එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසන පරිදි පේශාවර් නගරයෙන් නව පෝලියෝ රෝගීන්දෙදෙනෙක් හමු වී ඇති අතර ට්‍රයිබල් ප්‍රදේශයෙන් හා කුයිලා අබ්දුල්ලා දිස්ත්‍රික්කයෙන් අනෙක් රෝගීන් දෙදෙනා හමු වී ඇත.

     

    1999 සිට පකිස්තානය වාර්තා කළ 300කට ආසන්න වැඩිම පෝලියෝ රෝගීන් සංඛ්‍යාව මෙම වසරේ වාර්තා කර ඇති අතර පෝලියෝ රෝගයට එරෙහි වැඩසටහන් රැසක් ද 2014 වසර තුළ දී සිදු කර ඇත.

     

    පසුගිය මාස 6ක කාලය තුළ පකිස්තානය ලෝකයේ පෝලියෝ රෝගීන් වැඩිම සංඛ්‍යාවක් හමු වූ රට ලෙස සියයට 85ක රෝගීන් සංඛ්‍යාවක් වාර්තා කරමින් පත්ව ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya