මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මලාලාට සහ සත්යාර්තිට නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය අද

    දෙසැම්බර් 10, 2014

    නොබෙල් ත්‍යාග ප්‍රදානය, 1901 වසරේ සිට වාර්ෂිකව සිදු කෙරෙන අතර සාහිත්‍යය, විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ සාමය යන ක්ෂේත්‍රවලින් ලෝකයාගේ යහපත උදෙසා කැපී පෙනෙන සේවාවක් කරන පුද්ගලයන්ට සහ ආයතනවලට නොබෙල් සම්මාන ප්‍රදානය කෙරේ. නොබෙල් ත්‍යාග ප්‍රදානය කෙරෙන්නේ, ජීවතුන් අතර සිටින විශිෂ්ටයන්ටය.

    නොබෙල් ත්‍යාගලාභීන්ට රන් පදක්කමක්, සහතික පත්‍රයක් සහ මුදල් තෑග්ගක් හිමිවෙයි. නාම යෝජනා බාර ගැනීමෙන් පසු, සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දෙවැනි සතියේ ත්‍යාග පිරිනැමෙන්නේ කාටදැයි නොබෙල් කමිටුව ප්‍රකාශ කරනු ලබයි. ඇල්ෆ්‍රඩ් නොබෙල් මියගියේ දෙසැම්බර් 10 වැනිදා බැවින් ත්‍යාග ප්‍රදානය සිදුවන්නේ දෙසැම්බර් 10 වැනිදා ස්විඩනයේ ස්ටොක්හෝම්ස් නුවර දීය.

     

    මෙවර සාම නොබෙල් ත්‍යාගය ලැබූවේ දැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීම සඳහා ක්‍රියා කළ 17 වියැති පාකිස්තාන් පාසල් දැරිය මලාලා යුසෆ්සායි (Malala Yousafzai) මෙනෙවිය සහ ළමා වහල් මෙහෙය සහ ළමුන් ශ්‍රමයට බැඳ තැබීමට එරෙහි ව්‍යාපාරයක නිරත 60 හැවිරිදි ඉන්දියානු ජාතික කයිලාෂ් සත්යාර්ති (Kailash Satyarthi) මහතායි.

     

    ඇමරිකානු ඩොලර් මිලියන 1.1ක් සමඟ රන් පදක්කමක් හා සහතිකපත්‍රයක්මොවුන් දෙදෙනාට ත්‍යාග ලෙස ලැබේ.

     

    ඉතාමත්ම අඩු වයසේදී නොබෙල් සාම ත්‍යාගය ලබා ගත් ලබාගත් ළාබාලම තැනැත්තිය වන්නේ 17 වැනි වියේ පසු වන මලාලා යුසෆ්සායිය.

     

    කයිලාෂ් සත්යාර්ති මහත්මා ගාන්ධි අනුව යමින් මුදල් සෙවීම වෙනුවෙන් ළමා ශ්‍රමය සූරා කෑමට එරෙහිව විවිධ සාමකාමී විරෝධතාවලට නායකත්වය දී කටයුතු කළ පුද්ගලයෙකි.

     

    කයිලාෂ් සත්යාර්ති විසින් ආරම්භ කල බච්පන් බචාවෝ ඇන්ඩෝලන් (Bachpan Bachao Andolan) හෙවත් ළමුන් බේරා ගැනීමේ සංවිධානය , ළමා අයිතීන් රැක ගැනීමට සහ නීති විරෝධී ලෙස මිනිසුන් රට පැටවීමේ ජාවාරම නැවැත්වීම් සඳහා එරට විශේෂ කාර්ය භාරයක් ඉටු කරයි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya