අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා - නවසීලන්ත සංචාරයට තරග 9ක්

    දෙසැම්බර් 10, 2014

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත සංචාරය 2014 දෙසැම්බර් 26 සිට 2015 ජනවාරි 29 දක්වා නවසීලන්තයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම තරගාවලිය ටෙස්ට් තරග 2කින් හා එක් දින තරග 7කින් සමන්විතය.

     

    පළමු ටෙස්ට් තරගය දෙසැම්බර් 26 සිට 30 දක්වා ක්‍රයිස්ට්චර්ච් හිදීද දෙවන ටෙස්ට් තරගය 2015 ජනවාරි 03 සිට 07 දක්වා වෙලිංටන් හිදීද පැවැත්වීමට නියමිතය. එක් දින තරගාවලියේ පළමු තරගය ජනවාරි 11 ක්‍රිස්ට්චර්ච් හිදීද දෙවන තරගය ජනවාරි 15 හැමිල්ටන් හිදීද තෙවන තරගය ජනවාරි 17 ඕක්ලන්ඩ් හිදීද සිවුවන තරගය ජනවාරි 20 නෙල්සන් හිදීද පස්වන තරගය ජනවාරි 23 හා සයවැනි තරගය ජනවාරි 25 ඩනේඩින් හිදී හා අවසන් (සත්වැනි) තරගය ජනවාරි 29 වෙලිංටන් හිදීත් පැවැත්වීමට සැලසුම් කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya