අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාව නැංවීමට චීනයේ අතහිත

    නොවැම්බර් 04, 2014
    ශ්‍රී ලංකාවේ මේස පන්දු ක්‍රීඩාව දිවයින පුරා විධිමත් අන්දමින් සංවර්ධනය කිරීම සඳහා චීන සමුහාණ්ඩුව ඉදිරිපත් වී තිබෙන අතර එහි ප්‍රථම අදියර වශයෙන් රුපියල් ලක්ෂ 250ක් වටිනා මේස පන්දු මේස 150ක් දිවයිනේ දිස්ත්‍රික්ක 25ක පාසල් වෙත බෙදා දෙන ලදී.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමක් අනුව දිවයින පුරා මේස පන්දු ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම අනුග්‍රහය ලබාදී තිබෙන අතර ඒ යටතේ අවශ්‍ය ක්‍රීඩා උපකරණ, පුහුණුකරුවන් සඳහා දේශීය සහ චීනයේදී විදේශීය පුහුණුව, ක්‍රීඩාව සඳහා අවශ්‍ය සෙසු මානව සහ භෞතික සම්පත් ලබා දීම ද සිදු කෙරේ. 
     
    මේ පිළිබඳ ගිවිසුමට ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ සභාපතිවරයා වන නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ චීන රජයේ නියෝජිතයන් විසින් අත්සන් තබන ලදී.  
     
    ශ්‍රී ලංකා මේස පන්දු සංගමයේ මෙහෙයවීමෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ඔක්තෝබර් 02වැනි දා පැවති 68වන ජාතික මේස පන්දු තරගාවලියේ දී චීන සමුහාණ්ඩුවේ මෙම පරිත්‍යාග ශ්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියන්ගෝ මහතා විසින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත එහි දී බාර දෙන ලදී. මෙහි දී කනිෂ්ඨ මේස පන්දු තරගාවලියේ තිළිණ සහ ජය සංකේත ප්‍රදානය පසුගිය දා දකුණු කොරියාවේ පැවති පැරා ඔලිම්පික් සහ පකිස්ථානයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගවලට ඉදිරිපත්ව ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන ආ මේස පන්දු ක්‍රීඩකයන්ට තිළිණ ප්‍රදානයක් සිදුවිය. මෙම තරගාවලියට දිවයින් පුරා පාසල් 104ක් සහ ක්‍රීඩා සමාජ 32ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වූහ.
     
    මේස පන්දු සංගමයේ නියෝජ්‍ය සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා ද සහභාගි වූ මෙම උත්සවයේ අදහස් දක්වමින් චීන තානාපති ජියන්ගෝ මහතා ප්‍රකාශ කළේ මේස පන්දු ක්‍රීඩාව යනු කායික සහ මානසික ඒකාග්‍රතාව අවශ්‍ය වන ක්‍රීඩාවක් බවත් ශ්‍රි ලංකා පාසල්  මේස පන්දු ක්‍රීඩකයන්ගේ මේස පන්දු ක්‍රීඩාව ගැන තමන් ඉහළින් ම සෑහීමකට පත්වන බව ය. 
     
    මෙම අවස්ථාව ක්‍රීඩා අධ්‍යක්ෂ  ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මිය ඇතුළු ආරාධිතයන් විශාල පිරිසක් එක් ව සිටියහ.
    කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීම පිළිබඳ සිද්ධිය මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන් වාර්තා කර ඇති අතර අදාළ සිද්ධිය ක්‍රීඩාවේ අනාගතයට මෙන් ම රටේ කීර්ති නාමයට ද බරපතල ගැටලුවක් විය හැකි බැවින් මෙම තීරණය ගෙන ඇත.
     
    මෙම සිද්ධිය සොයා බැලීම සඳහා විශ්‍රාමලත් විනිසුරුවරියකගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන ස්වාධීන කමිටුවක් මඟින් ලබා‍දෙන වාර්තාව මත පදනම් ව අවශ්‍ය පියවර ගැනීම සඳහා කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය කරයි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya