අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පළමු එක් දින තරඟයේ ජය ඉන්දියාවට

    නොවැම්බර් 03, 2014
    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරඟයේ ජය හිමිකර ගැනීමට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
     
    ශ‍්‍රී ලංකා පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස් කාසියේ වාසිය ලබා පළමුව පන්දු යැවීමට තීරණය කළේ ය. 
     
    ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර සියල්ල අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 363ක් ලබා ගැනීමට සමත් විය. ලකුණු 364 ක දැවැන්ත ජයග‍්‍රාහි ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා පිල පන්දු වාර 39යි පන්දු 2 ක දී ලකුණු 194 කට සීමා විය. 
     
    ඉන්දීය පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ශේකර් ධවාන් ලකුණු 113ක් ලබා ගැනීමට සමත් විය. 
     
    අජින්යා රහනේ ලකුණු 111 ක් රැස් කළ අතර රහනේගේ පන්දු 108ක ඉනිම හතරේ පහර 13 ක් සහ හයේ පහර 2 කින් වර්ණවත් විය. 
     
    සිය 200 වැනි එක්දින තරඟයට සහභාගි වූ සුරේෂ් රයිනා පන්දු 34 කදී ලකුණු 52 ක් රැස් කළේ ය.
     
    පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගැනීමට හැකි වුයේ ලකුණු 194ක් පමණි.
     
    එහි දී මහේල ජයවර්ධන  පන්දු  36ක දී හතරේ පහර  6ක් සහ එක් හයේ පහරක් සමගින් ලකුණු 43ක් රැස්කර ගත්තේ ය.
     
    කුමාර් සංගක්කාර සහ උපුල් තරංග දෙවැනි සහ තෙවැනි කඩුලු ලෙස පිටියෙන් ඉවත් වූයේ පිළිවෙළින් ලකුණු 13ක් හා ලකුණු 28ක් ලබා ගනිමිනි.  
     
    අජින්යා රහනේ තරගයේ වීරයා විය. මෙම තරඟාවලියේ දෙවැනි එක්දින තරගය නොවැම්බර් 6 වැනි දා අහ්මදාබාද්හි දී පැවැත්වීමට නියමිත ය.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya