මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද හමුදාවේ ආසියානු පැරා මලල ක්‍රීඩා පදක්කම්ලාභීන් සඳහා නිල උසස්වීම් සහ මූල්‍යමය ත්‍යාග

    ඔක්තෝබර් 28, 2014

    13 වන  ආසියානු පැරා මලල ක්‍රීඩා තරගාවලිය පසුගියදා දකුණු කොරියාවේදී පැවැත්වූ අතර එහිදී යුද හමුදාවට කීර්තියක් අත්කර දුන් පදක්කම්ලාභී ක්‍රීඩකයන් සිව් දෙනෙකු හට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක විසින් නිල උසස්වීම් සමඟින් මූල්‍යමය ත්‍යාග ලබා දීමේ උත්සවයක් ඊයේ (27) යුද හමුදා මුලස්ථානයේදී සිදු කරන ලදී.


    ඒ අනුව  කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි (දණ හිසෙන් පහළ අප්‍රාණික) කෝප්‍රල් අනිල් ප්‍රසන්න ජයලත් මීටර් 200 තරගයෙන් රන් පදක්කම ද මීටර 100 තරගයෙන් සහ දුර පැනීමේ තරගයෙන් රිදී පදක්කම් දෙකක් ද දිනා ගෙන තිබේ. එමෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ  මාණ්ඩලික සැරයන් ප්‍රදීප් සංජය මීටර් 800 තරගයෙන් සහ මීටර් 400 තරගයෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
       
    මේ අතර  ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ  ලාන්ස් කෝප්‍රල්  ඒ.ජී.යු.අයි. චූලදාස  මීටර් 100  සහ මීටර් 200 තරගයෙන් ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගත් අතර ම  ලාන්ස් කෝප්‍රල් පී.එච්.එල්. ධර්මසිරි මීටර් 400 සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් එස්.එස්. කුමාර ද කවපෙත්ත විසි කිරීමෙන් පදක්කම් දිනා ගත්හ.
     
    එහිදී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් දයා රත්නායක මහතා ජයග්‍රාහකයන් සඳහා නිල උසස්කිරීම් ද ලබා දෙන බවට ප්‍රකාශ කළ අතර ම රන් පදක්කම්ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 3ක් ද රිදී පදක්කම්ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 2ක් සහ ලෝකඩ පදක්කම්ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 1.5 බැගින් මුදල් ත්‍යාග ද ලබා දුන්නේය.

    එම අවස්ථාවෙහි යුද හමුදාපතිවරයා; රන් පදක්කම්ලාභීන් සඳහා රුපියල් මිලියන 1ක් ද රිදී පදක්කම්ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 7ක් සහ ලෝකඩ පදක්කම්ලාභීන් සඳහා රුපියල් ලක්ෂ 5ක් වන පරිදි ත්‍යාග මුදල් ප්‍රමාණය වැඩි කරන ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ සඳහා මණ්ඩලයක් පත් කර එම මණ්ඩලයේ නිර්දේශ මත මේ සඳහා ක්‍රියා කරන ලෙසත් මෙවර පදක්කමලාභීන්ගේ නම් ද මෙම මණ්ඩලය වෙත ඇතුළත් කරන ලෙසත් යුද හමුදාපතිතුමා වැඩිදුරටත්  ප්‍රකාශ කළේය.

    දකුණු කොරියාවේ පැවති 13 වන යුද හමුදා ආසියා පැරා ක්‍රීඩා තරගාවලියේදී  ශ්‍රී  ලංකාව පදක්කම් 14ක් ලබා ගනිමින්  19 වන ස්ථානයට පත් වූ අතර ම මෙම ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවන් ලෙස  ජෑන්ස් දිසානායක,  එම්.ජේ.පී. රෝහිත ප්‍රනාන්දු, එස්.පී.එස්.පී. විතාන සහ බලලත් නිලධාරී -11  ඩබ්.එස්. ජයකොඩි වෙත ද  මුල්‍යමය ත්‍යාග ලබා දෙන ලදී.

    රන් පදක්කම්ලාභී  කමාන්ඩෝ රෙජිමේන්තුවෙහි කෝප්‍රල් අනිල් ප්‍රසන්න ජයලත් 2009 වර්ෂයේ පුදුකුඩුඉරිප්පු  ප්‍රදේශයේ පැවති දරුණු ත්‍රස්තවාදී සටන් හමුවේ තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත් ව ඇත.

    එමෙන් ම මාණ්ඩලික සැරයන් ප්‍රදීප් සංජය පසුගිය වර්ෂයේ පැරා ඔලිම්පික් තරගාවලියේ මීටර් 400 තරග ඉසව්වෙන් ලබා ගත් රිදී පදක්කමක් ද මෙවර ද ලබා ගැනීමට සමත් විය.  

    මෙම අවස්ථාව සඳහා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ, සියලු ම අධ්‍යක්ෂවරු,  ක්‍රීඩා අධ්‍යක්ෂ සහ රණ විරු සෙවණෙහි නේවාසික විරුවෝ බොහෝ පිරිසක් ද සහභාගී වූහ. 

    NDH/army.lk

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya