අනගාරික ධර්මපාලතුමාගේ 150වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් එතුමාගේ රුව ඇතුළත් සමරු මුද්දරයක් ඉන්දීය රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙම සමරු මුද්දරය ඉන්දීය ජනාධිපති ප්රනාබ් මුඛර්ජි මහතාගේ සහභාගිත්වයෙන් නවදිල්ලියේ ජනාධිපති මන්දිරයේ දී නිකුත් කෙරිණි. මෙම නව සමරු මුද්දරය ඉන්දීය රුපියල් 5.00ක වටිනාකමින් යුක්ත වේ. DB