අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් හා පළාත් මට්ටමින් ක්‍රිකට් සංවර්ධනයට රු. බිලියන 1.5ක්

    නොවැම්බර් 14, 2023

    පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහාත් පළාත් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අවශ්‍ය පහසුකම් ලබාදීමටත් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (13) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    2024 අයවැය ඉදිරිපත් කරමින් මේ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, වැඩිදුරටත් සඳහන් කළේ, එම මුදල් පහසුකම් ලබාදීමේදී අඩු පහසුකම් ඇති පාසල් හා පළාත් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙන බවයි.

    ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වර්තමානයේ ආයතනික අර්බුදයකට සහ කුසලතා ඌණතාවයකට මුහුණ දී තිබෙන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya