අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමස්ත ලංකා පාසල් පාපැදි ශූරතා තරගාවලිය අනුරාධපුරදී

    සැප්තැම්බර් 12, 2014

    2014 - සමස්ත ලංකා පාසල් පාපැදි ශූරතා තරගාවලිය උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා අනුරාධපුර ජයන්ති මාවතේ දී පැවත්විණි.


    කිලෝ මීටර් 62ක දුර පැය 01 විනාඩි 37 තත්පර 52කින් අවසන් කළ පුත්තලම කොච්චිකට්ටුව මහ විදුහලේ එච්.පී. ලහිරු තිලාන් ද දෙවන ස්ථානය ගම්පහ මිනුවන්ගොඩ මධ්‍ය මහ විද්‍යාලයේ එස්.ඒ. සංජු දිමන්ත ද තුන්වන ස්ථානය පුත්තලම කොච්චිකට්ටුව මහ විදුහලේ එස්.ඒ. කැලුම් සඳරුවන් ද බාලක පාපැදි තරගාවලිය ජය ගත්හ.

     

    මෙහි බාලිකා තරගාවලියේ ජයග්‍රහණය කිලෝ මීටර් 36ක දුර ගෙවා පැය 01 විනාඩි 04 තත්පර 02කින් අනුරාධපුර මිහින්තලේ මහ විදුහලේ කේ.එම්. නෙරංජනා කුමාරසිංහ ද දෙවන ස්ථානය මීගමුව නිවුස්ටඩ් බාලිකා මහ විදුහලේ එන්. සුලෝචනා පංචාලි ද තුන්වන ස්ථානය ආණමඩුව රතනපාල නවෝද්‍යා මධ්‍ය මහ විදුහලේ ඒ.එම්.සී. දිල්රුක්ෂි ද දිනාගත්හ.

     

    අධ්‍යාපන අමාත්‍යාංශය වාර්ෂිකව සමස්ත ලංකා පාසල් බාලක බාලිකා පාපැදි තරගය පවත්වනු ඇත. මෙවර තරගාවලිය උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක‍්‍රීඩා අංශය හා අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහයෝගයෙන්  ශ‍්‍රී ලංකා පාපැදි සම්මේලනයේ හා අනුරාධපුර දිස්ත‍්‍රික් පාපැදි සංගමයේ මෙහෙයවීමෙන්  පැවැත්විණි. 

     

    ජයග‍්‍රහකයන්ට ත්‍යාග සහ සහතිකපත් ප‍්‍රදානය උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා අතින් සිදුවිය.

     

    ස්කැන්ඩිනේවියන් ඇග‍්‍රිටෙක්ස් ආයතනයේ (SAC)) හා සීදේවි ආයතනය පාපැදි තරගය සඳහා පූර්ණ අනුග‍්‍රහය දැක්වීය.

     

    මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන, අධ්‍යාපන අධ්‍යක්‍ෂ (ක‍්‍රීඩා) බී.ඒ. අබේරත්න, අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ කේ. අබේසුන්දර, අන්තර්ජාතික පාපැදි විනිසුරු එන්. කරුණාරත්න, සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා කුසලානි වික‍්‍රමසිංහ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya