අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දෙස් විදෙස් කණ්ඩායම් 20ක් තරග වැදුණු ජිම්පෝ 2014 ඇඹිලිපිටියේ දී

    සැප්තැම්බර් 12, 2014

    සැපර් 4x4 ජිම්පෝ 2014 ධාවන තරගාවලිය පසුගියදා ඇඹිලිපිටිය ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරු පාසලේ දී  පැවැත්විණි. 


    ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු බලකාය විසින් සංවිධානය කරනු ලැබූ මේ තරගාවලිය නැරඹීම සඳහා දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාවක් එක් ව සිටියහ. 

     

    සිව්වන වරටත් පැවැත් වූ මෙහි ආරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් වී.යු.බී. නානායක්කාර මහතා සහභාගී විය. මේ අවස්ථාවට මේජර් ජෙනරාල් එච්.සී.පී. ගුණතිලක සහ සියෑන් හමීඩ් මහතා ද එක්ව සිටියහ. 

     

    තම 11 වන සංවත්සරය වෙනුවෙන් ෆෝ වීල් රියැදුරු සමාජය සැපර් 4x4 ජිම්පෝ 2014 ධාවන තරගාවලිය සංවිධානය කිරීම සඳහා සහයෝගය ලබා දී ඇත. ඇඹිලිපිටිය ෆෝ වීල් ධාවන පථයේ දී  මෙම තරග ඉසව් පැවැත්වුණි. 

    විවිධ වර්ග කීරීම් යටතේ ජාත්‍යන්තර නීතියට අනුව ඒ ඒ රථ වාහන උදෙසා තරග ඉසව් පැවැත්වුණි. දේශීය කණ්ඩායම් 20ක් ඇතුළුව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ මැලේසියාව යන රටවල්හි නියෝජිතයන් ද සහභාගි වූ මෙම තරගාවලිය ශ්‍රී ලංකා ඉංජිනේරුවන්ගේ වාර්ෂික දින දර්ශනයේ සුවිශේෂී ස්ථානයක් ගනී. ඉන්දියාව, රුසියාව තායිලන්තය සහ ලෙබනන් ආදී රටවල  ජාත්‍යන්තර ජනමාධ්‍ය මීට පුළුල් ප්‍රචාරයක් ලබා දී ඇත.

     

    අවසන් ජයග්‍රාහකයන් සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් ජය සංකේත පිරිනමන ලදී. මෙම අවස්ථාවේ දී  පසුගිය මානුෂීය මෙහෙයුමේ දී තුවාල ලබා ආබාධිත තත්ත්වයට පත්වුණු 5 වන ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ සැරයන් ආර්.එම්.ඩී. රත්නායක සහ 10 වන ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් ඩී.ආර්. නලින් කුමාර යන මහත්වරුන් වෙත රුපියල් ලක්ෂයක සහ ලක්ෂ දෙකක මුදලක්, ඉඩම් මිල දී ගැනීම සඳහා පිරිනැමීය. 


    සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනුග්‍රාහකයන් සහ ෆෝ වීල් රියැදුරු සමාජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම අවස්ථාව දැක බලා ගැනීම සඳහා එක් වූ අතර පැය 8කට අධික කාලයක් මෙම තරග ඉසව් පැවැත්වුණි.    

    මෙවර සැපර් 4 x 4 ජිම්පෝ 2014 සඳහා හොල්සිම් ලංකා පුද්ගලික ආයතනය ප්‍රධාන අනුග්‍රහය දැක් වූ අතර, ඇවන් ස්මාර්ට් පුද්ගලික ආයතනය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා වානේ සංස්ථාව, ඩීසල් සහ මෝටර් ඉංජිනේරු පෞද්ගලික සමාගම, SENOK Trade සමාගම, ස්වදේශ් ට්‍රේඩින් සමාගම, VVK යන්ත්‍රෝපකරණ සමාගම සම අනුග්‍රහය දැක්වීය. විශේෂ අනුග්‍රහය DAX ඉංජිනේරු සමාගම, මාස් ඇක්ටිව් පෞද්ගලික සමාගම විසින් දක්වන ලදී.

     

    මින් ලැබෙන ප්‍රතිලාභ තම රෙජිමේන්තුවේ මියගිය රණ විරුවන්ගේ පවුල්වල සාමාජිකයන්, අබාධිත රණ විරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්, සේවයේ යෙදී සිටින යුද හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය සඳහා යොදවනු ලබයි.

    NDH/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya