අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගාල්ල මලල ක්‍රීඩා උළෙල අද සහ හෙට

    සැප්තැම්බර් 12, 2014
    ගාල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක් ව සංවිධානය කරන දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙල අද (12) සහ හෙට (13) දිනවල දී බද්දේගම මහජන ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. 
     
    ක්‍රීඩා ඉසව් විශාල සංඛ්‍යාවකින් සමන්විත මෙවර ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1600ක් පමණ සහභාගිවීමට නියමිතය. 
     
    ඉදිරියේ දී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොරාගැනීම වෙනුවෙන් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ශාරිරික යෝග්‍යතා හා දක්ෂතාවන් නිරීක්ෂණය කිරීමත් ඔවුනගේ කුසලතා ඇගයීමේත් අරමුණින් මෙම ක්‍රීඩා උළෙල පවත්වනු ලබයි.  
     
    තරගාවලියේ සමාරම්භය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.  
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya