අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය-පකිස්තානු ගංවතුරින් පුද්ගලයින් 400කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට

    සැප්තැම්බර් 11, 2014

    ඉන්දියානු කාශ්මීර ප්‍රාන්තයට හා පකිස්තානු පන්ජාබ් ප්‍රාන්තයට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් ලක්ෂ 04ක පමණ සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

    දශක දෙකක පමණ කාලයක සිට වරින් වර මෙම ප්‍රදේශ වර්ෂාව හේතුවෙන් ගංවතුරින් පීඩා විඳියි. පසුගිය සතියේ සිට පවත්නා මෙම ගංවතුර තත්වය නිසා දේපළ හා ජීවිත හානි රැසක් දෙරටට අහිමි වී ඇති අතර සහන සේවා නිලධාරීහු හා ආරක්ෂක සේවා නිලධාරීහු විපතට පත් ප්‍රදේශ වෙත සහන සේවා කටයුතුවල නිරත වන බව ඉන්දීය මාධ්‍ය පවසයි.

     

    ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 400කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

     

    විපතට පත්වුවන් හට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මැතිතුමා සහ පකිස්තානු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මැතිතුමා ප්‍රකාශ කර ඇත.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya