මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගුවන් ප්‍රහාර එල්ල කොට අදට වසර 13යි

    සැප්තැම්බර් 11, 2014

    අල්කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායම විසින් ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගුවන් ප්‍රහාර එල්ල කොට වසර 13ක් සපිරීම අද (11) සිහි කරනු ලබයි.

    අදින් වසර 13කට පෙර 2001 සැප්තැම්බර් 11 දින ඇමරිකාවේ නිව් යෝර්ක් නගරයේ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අල්කයිඩා ත්‍රස්තවාදී කණ්ඩායම විසින් ගුවන් ප්‍රහාර දෙකක් එල්ල කිරීමෙන් ගොඩනැගිල්ලේ සිටි වෘත්තිකයින් ඇතුළු 3000ක් පමණ ජීවිතක්ෂයට පත් වූහ.

     

    මෙම අවස්ථාව සිහි කිරීමට 2002 මාර්තු 11 වන දින ලෝක මධ්‍යස්ථාන කුළුණේ විද්‍යුත් ආලෝක පහනක් (Tribute in Light) දල්වා එම ආලෝක ධාරාව ඈත අහසට එල්ල කරනු ලැබීය. සෑම වසරකම සැප්තැම්බර් 11 වන දිනය පුරා මෙම විදුලි පහන දල්වන අතර මෙවරද එය දල්වා ඇත.

     

    මෙම සිනොන් වායුවෙන් නිර්මාණය කරන ලද විදුලි පහන වොට් 887,000ක ආලෝකයක් ලබා දෙන අතර එය සැතපුම් 60ක් දුරට දෘශ්‍යමාන වේ.

     

    මෙම සිදුවීම මුළු ලොවම කම්පාවට පත් කළ ප්‍රහාරයක් වූ බැවින් හා එදා එම ගොඩනැගිල්ලේ සිටි ලෝකයේ විවිධ ජාතීන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත් වූ නිසාත් එය සිහිකරමින් වසරේ සෑම සැප්. 11 වන දිනකම ලෝකය පුරා විවිධ ආගමික හා සංස්කෘතික අනුස්මරණ වතාවත් සිදු කරනු ලබයි.

     

    SDF

    Sep 11 -tributeinlight 650

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya