අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 අන්තර් ආරක්‍ෂක සේවා පාපදි සවාරියේ ජය ගුවන් හමුදාවට

    සැප්තැම්බර් 11, 2014

    ඉතා තියුණු තරගයකින් පසු අන්තර් ආරක්‍ෂක සේවා පාපැදි සවාරියේ ප‍්‍රථම ස්ථානය  ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන්භට බුද්ධික වර්ණකුලසූරිය විසින් හිමිකරගත් අතර, දෙවන ස්ථානය ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව් ගුවන්භට නිරන්ත ප‍්‍රනාන්දු විසින් හිමි කර ගන්නා ලදී.


    අන්තර් ආරක්‍ෂක සේවා පාපැදි සවාරිය පසුගියදා කොළඹ යුධ හමුදා විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු බලකාය ඉදිරිපිටින් ආරම්භ වූ අතර, තරගකරුවන් 36 දෙනෙකුගෙන් සමන්විත තරගයේ සම්පුර්ණ දුර කිමී. 125.4 විය.

    මෙම තරගය පැයට කි මී. 40 ක වේගයක් රඳා පවත්වා ගනිමින් මහනුවරින් අවසන් විය.


    අන්තර් ආරක්‍ෂක සේවා පාපැදි තරගාවලියකදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව 2002 වර්ෂයේදි සම ශූරයන් වු අතර  2005 වර්ෂයේදි  ශූරතාව හිමිකර ගන්නා ලදි. වසර 09කට පසු නැවතත් අන්තර් ආරක්‍ෂක සේවා පාපැදි තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ගුවන් පාපැදි කණ්ඩායමට හැකිවිය. 


    මෙම තරගාවලියේ සමාප්ති උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් එස්.එස්. රණසිංහ මහතා සහභාගි විය. 

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya