මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එබෝලා මර්දන සටනට UN ජාත්‍යන්තර සහය පතයි

    අගෝස්තු 13, 2014

    1,013ක මරණ සංඛ්‍යාවක් ඇතුළු එබෝලා ආසාදිත තත්ව 1,848 ක් වාර්තා වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

     

    එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලේකම් බෑන් කී මූන් ඊයේ (12) එබෝලා පැතිරීම මර්දනය සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණ සහය හා සහයෝගීතාව සඳහා ඇරයුම් කළ අතර ඒ සඳහා විශේෂයෙන් මෙම මාරාන්තික රෝගයට එරෙහිව සටන් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සම්බන්ධීකාරක ලෙස බ්‍රිතාන්‍යයයේ ඩේවිඩ් නැබ්‍රෝ (David Nabarro) මහතා පත් කර ඇත.

     

    බටහිර අප්‍රිකාවේ එබෝලා ව්‍යාප්තියත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර අවධානය ලබා ගැනීමටත් එබෝලා පැතිරීම මර්දනය සඳහා සටන් කිරීමේ පළමු පියවරක් ලෙස ජාත්‍යන්තර හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලදී.


    බෑන් කීන් මූන් මහතා එබෝලා වෛරසයෙන් පීඩිත රටවල් සඳහා වෛද්‍යවරු, හෙදියන් සහ අවශ්‍ය සෞඛ්‍ය උපකරණ හා බෙහෙත් ද්‍රව්‍ය ලබා දෙන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන ලදී.
     

    එක්සත් ජාතීන්ගේ සංවිධාන ප්‍රධානියා විසින් එබෝලා වෛරසය මර්දනය සඳහා නැබ්‍රෝ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධාන ජාලයේ ජ්‍යේෂ්ඨ සම්බන්ධීකාරක ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානී වෛද්‍ය මාගරට් චෑන් (Margaret Chan) මහත්මිය සමඟ එක් ව කටයුතු කිරීමට පත් කරනු ලැබුවේ මෙම වෛරසය ව්‍යාප්තිය මර්දනය සඳහා ජාත්‍යන්තර සහය අත්‍යවශ්‍ය බව අවධාරණය කරමිනි.


    එබෝලා මර්දනය සඳහා ජාත්‍යන්තර දායකත්වය ලබා ගැනීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වගකිව යුතු පුද්ගලයා නැබ්‍රෝ මහතා බව මූන් මහතා පැවසීය.
     

    එබෝලා අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් වූ පසු බියට පත් ජාත්‍යන්තරය අමතා මූන් මහතා ප්‍රකාශ කළේ සම්පත්, දැනුම, පෙර සූදානම හා අවශ්‍යතාව ඇත්නම් එබෝලා ව්‍යාප්තිය මර්දනය කළ හැකි බවත් එවිට මිනිසුන් වෛරසය නිසා මිය යාමෙන් වළක්වා ගත හැකි බවත්ය.


    විශාල වශයෙන් එබෝලා වෛරසය ව්‍යාප්තිය වාර්තා වී ඇත්තේ 2013 වසරේ දෙසැම්බර් මාසයේ ගිනියාව, ලයිබීරියාව, සියෙරා ලියොන් හා නයිජීරියාව වැනි රටවලිනි.
     
     
    එබෝලා යනු වෛරසයක් නිසා වැළඳෙන රෝගයකි. මෙම වෛරසය රෝගීන්ගේ රුධිරයෙන්, දහඩිය, වමනය, මුත්‍රා හා ඛේටයෙන් ව්‍යාප්ත වේ. උණ, හිසරදය, විඩාව, වමනය, පාචනය, බඩේ වේදනාව, සන්ධි වේදනාව හා රුධිරය ගැලීම මෙම රෝගයේ රෝග ලක්ෂණ වේ. මෙම රෝගය සඳහා තවමත් කිසිදු ප්‍රතිකාරයක් සොයාගෙන නොමැති අතර රෝගය වැළඳුණ පසු සුව කිරීමේ ප්‍රතිශතය ඉතා අඩු බැවින් රෝගියා මිය යාමට ඇති ඉඩකඩ ඉතා ඉහළ මට්ටමක පවතී.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya