අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිමුත් යළිත් ටෙස්ට් සංචිතයට

    අගෝස්තු 12, 2014

    ආරම්භක පිතිකරුවෙකු වන දිමුත් කරුණාරත්න පකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා පිලට කැඳවා තිබේ.

     

    අවුරුදු 19ක් වයසැති වමත් වේග පන්දු යවන්නෙකු වන බිනුර ප්‍රනාන්දු ක්‍රීඩකයාද පකිස්තානයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා තෝරා ගෙන ඇත. ඔහු පළමු වරට ජාතික ක්‍රිකට් සංචිතයට ඇතුළත් වන්නේද මෙම තරගයෙන් වීම විශේෂත්වයකි.


    මෙම ක්‍රීඩකයන් දෙදෙනා වේග පන්දු යවන්නෙකු වන නුවන් ප්‍රදීප් හා සුරංග ලක්මාල් වෙනුවට නම් කර ඇත. වළලුකර ඇඹරීම නිසා නුවන් ප්‍රදිප් ක්‍රීඩකයාත් වළලුකර තුවාල වීම නිසා සුරංග ලක්මාල් ක්‍රීඩකයාත් තරගයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් තීරණය කරන ලදී.

     

    ශාමින්ද එරංග ක්‍රීඩකයාත් මෙම තරගය සඳහා නිර්දේශ කර ඇතත් ඔහු ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගයේදී සිදු වු තුවාල වීමකට ප්‍රතිකාර ලබමින් සිටින නිසා එය ප්‍රතික්ෂේප විය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya