අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංගක්කාර ලොව හොඳම ටෙස්ට් පිතිකරුවා වේ

    අගෝස්තු 12, 2014

    කුමාර් සංගක්කාර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ලොව හොඳම ටෙස්ට් පිතිකරුවා බවට පත් වේ.

     

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති පකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී සංගක්කාර රැස් කළ ලකුණු 221 මීට ඉවහල් වී ඇති අතර මෙම ශ්‍රේණිගත කිරීම අනුව ඔහු ලකුණු 920ක් ලබා ගනිමින් ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන්ගේ ලේඛනයේ පළමු තැන ලබා ගෙන ඇත.


    2012 නොවැම්බර් මාසයේ සිට දකුණු අප්‍රිකානු ඒබී දි විලියර්ස් (AB de Villiers) ක්‍රීඩකයා අත් කරගෙන තිබූ මෙම ශ්‍රේණිගත කිරීමේ පළමු තැන සංගක්කාර පසු කර ඇත්තේ ටෙස්ට් තරග 81ක් දින 671ක කාලයකදී ලකුණු රැස් කිරීමෙනි.

     

    දකුණු අප්‍රිකානු ක්‍රීඩක හෂීම් අම්ලා (Hashim Amla) මෙම ලැයිස්තුවේ තුන් වෙනි තැනද ඔස්ට්‍රේලියන් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් (David Warner) විසින් සිව්වෙනි තැන ද හිමි කරගෙන සිටිති.


    ශ්‍රී ලංකා ටෙස්ට් නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 862ක් සමඟ මෙම ශ්‍රේණිගත කිරීමේ පස් වෙනි තැන අත්පත් කර ගෙන ඇත.
     

    ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන්ගේ ලේඛනයේ 14 වෙනි ස්ථානය මහේල ජයවර්ධන සතු වේ.

     

    ශ්‍රී ලංකා ක්‍රීඩක රංගන හේරත් ලොව හොඳම පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ හය වෙනි තැනට පත්ව ඇත. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති පකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 48කට කඩුළු 6ක් බිඳ හෙළමින් රංගන හේරත් දැක් වූ දක්ෂතාව හේතුවෙනි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya