අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

    අගෝස්තු 12, 2014

    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවති පකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගය අවසන් දිනයේදී කඩුළු 7කින් පකිස්තානය පරදවා ජය අත් කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත් වූහ.

     

    මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ පකිස්තානු කණ්ඩායම ලකුණු 451ක් ලබා ගත් අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9කට ලකුණු 533ක් රැස් කර සිටියදී ඉනිම අත්හිටුවන ලදී.

     

    ඒ අනුව නැවතත් දෙවන ඉනිම ක්‍රීඩා කළ පකිස්තාන කණ්ඩායම ලකුණු 180කට සීමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව සඳහා පන්දුවාර 21කදී ලකුණු 99ක ඉලක්කයක් ලැබිණි.


    විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් ලකුණු 48කට කඩුළු 6ක් බිඳ දමන ලදී. දිල්රුවන් පෙරේරා ලකුණු 60කට කඩුළු 2ක් ලබා ගත්තේය.

     

    ඒ අනුව ලකුණු රැස් කිරීම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල විසින් පළමුව උපුල් තරංග ලකුණු 12ක්, මහේල ජයවර්ධන ලකුණු 26ක්, කුමාර් සංගක්කාර හතරේ පහර 2ක් සමඟ ලකුණු 21ක්ද හතරේ පහර 2ක් හා හයේ පහර 2ක් සමඟ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 26ක් ලබා ගත් අතර කිත්රුවන් ලියනගේ හතරේ පහර 1ක් හා හයේ පහර 1ක් සමඟ නොදැවී ලකුණු 11ක් ලබා ගත්හ. වර්ෂාවෙන් ඇති වූ බාධාවන් පැවතිය ද කඩුළු 3ක් පමණක් දැවී ශ්‍රී ලංකාව කඩුළු 7ක ජයග්‍රහණයක් සනිටුහන් කළේය.

    තරගයේ වීරයා සම්මානය රංගන හේරත් විසින් හිමි කර ගන්නා ලදි.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya