මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර වෙළඳ ගිවිසුම් සඳහා මංපෙත් විවර වේ

    අගෝස්තු 08, 2014

    වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර පළමු නිල වෙළඳ ගිවිසුම ඇතිකරන්නට උර දී, ශ්‍රී ලංකාව සමඟ සබඳතා පවත්වන පැහැදිලි දැක්මක් සහිත එක් ආසියානු සැපයුම්කරුවෙක් බවට තම රට පත් කෙරූ, ශ්‍රී ලංකාවේ හිටපු වියට්නාම් තානාපති ටොන් සින් තාන් (Ton Sinh Thanh) මහතා ඊයේ (07) ශ්‍රී ලංකාවේ තම සේවා කාලය අවසන් කළේය.


    අවුරුදු 03ක කාලයක් කොළඹ සිට තම සේවයේ නියුතු වූ හිටපු වියට්නාම් තානාපති ටොන් සින් තාන් මහතා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමඟ ඊයේ (07) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදී පැවැති සමුගැනීමේ හමුවට එක්විය. වාණිජ දෙපාර්තමේන්තුවේ අධක්ෂක ජෙනරාල් ආර්.ඩී.එස්. කුමාරරත්න මහතා සහ EDB සභාපති හා ප්‍රධාන විධායක බන්දුල එගොඩගේ මහතා මේ හමුවට සහභාගී වූහ.

     

    2014 මුල් අර්ධයේ දෙරට අතර ඩොලර් මිලියන 109ක ද්විපාර්ශ්වීය වෙළඳ සබඳතාවක් ගොඩනගා ගෙන ඇති අතර මේ වසර අවසානය වන විට ප්‍රවර්ධනය වූ ශක්තිමත් වෙළඳ සබඳතාවක් ගොඩනගාගැනීමට හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා කළු තේ, මැණික්, විනෝද බෝට්ටු වැනි භාණ්ඩ වියට්නාමයට අපනයනය කිරීම ඉහළ නැංවීමත් වියට්නාමයෙන් ශ්‍රී ලංකාවට ආනයනය ඉහළ නැංවීමත් සිදු කළ යුතු බවත් ටොන් සින් තාන් (Ton Sinh Thanh) මහතා එහිදී ප්‍රකාශ කළේය. ටොන් සින් තාන් මහතා ඔහුගේ මීළඟ සේවය ඉන්දියාවේ නව දිල්ලියේදී ඇරඹීමට සූදානමින් සිටී.

     

    මෙහිදී බදියුදීන් මහතා විසින් පළමුව ටොන් මහතාට නව පත්වීමට සුභ පැතූ අතර මෙතෙක් ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර ද්විපාර්ශ්වීය සබඳතා වර්ධනය සඳහා ලබාදුන් සහයෝගය පිළිබඳ ස්තූති කරන ලදී.

     

    වාණිජ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ දත්තවලට අනුව ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර 2012දී ඩොලර් මිලියන119ක් වූ වෙළඳපොළ ගනුදෙනු 2013දී ඩොලර් මිලියන 224.39ක් දක්වා 88%කින් ඉහළ ගොස් ඇත. සපත්තු, ගුවන්යානා කොටස්, ගම්මිරිස් හා මුහුදු ආහාර අපනයනයෙන් මෙම වෙළඳපොළ ගොඩ නැගී ඇත. 2012දී මුළු අපනයනයට සාපේක්ෂව 2013දී 107%ක විශාල වර්ධනයක් පෙන්නුම් කරයි. මෙම වෙළඳපොළ ශ්‍රී ලංකා වියට්නාම් වෙළඳ ගිවිසුමක් වෙත දෙරට යොමු කරන බව වැඩිදුරටත් බදියුදීන් මහතා විසින් අවධාරණය කරන ලදී.

     

    මේ වනවිට වියට්නාම් ව්‍යාපාර මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති අතර ශ්‍රී ලංකාවද වියට්නාමයේ එවන් ව්‍යාපාර මධ්‍යස්ථානයක් අරඹා අපනයනය ඉහළ නැංවීමට කාලය එළඹ ඇති බව ටොන් සින් තාන් මහතා පැවසීය.

     

    රබර් සඳහා වියට්නාමයේ ඉහළ ඉල්ලුමක් පවතින බවත් වෙළඳ පොළ ඉල්ලුම හදුනා ගැනීමෙන් අපනයනය ඉහළ නංවා ගැනීමට ලංකාවට හැකියාව ඇති බවත්  ඔහු පැවසීය. ලංකාවේ ධීවර වෙළඳ පොළ වර්ධනයේ පමාවක් තමන් නිරීක්ෂණය කළ බවත් මුහුදු ආහාර හා මත්ස්‍යන්ට ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ පවතින වැඩි ඉඩකඩ ශ්‍රී ලංකාවට ධීවර අපනයන වෙළඳ පොළක් නිර්මාණය කරගැනීමට හැකි බවත් ඔහු මෙහිදී පැහැදිලි කළේය.

     

    වියට්නාමය හරිත තේ පානයට පුරුදුව සිටියත් තරුණ පිරිස අතර කළු තේ සඳහා වැඩි ඉල්ලුමක් පවතින බැවින් දැන් ශ්‍රී ලංකා කළු තේ වියට්නාමය ආක්‍රමණයට සුදුසු කාලය බවත් අගෝස්තු 21 වියට්නාමයේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා වියට්නාම වෙළඳ සාකච්ඡාව පක්ෂපාතී වෙළඳ ගිවිසුමක් අපේක්ෂා කරන අතර නිදහස් වෙළඳ ගිවිසුමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු කරනු ඇති බවත් ටොන් සින් තාන් මහතා විසින් ප්‍රකාශ කරන ලදී.

     

    වියට්නාම-සිංගප්පූරු කාර්මික සබඳතාව මෙන් ශ්‍රී ලංකා-වියට්නාම අපනයන වෙළඳ කලාපයක් නිර්මාණය කරගැනීමට යෝජනාවක් ඉදිරිපත් කිරීමට තමන් ආරාධනා කරන බව ඒ මහතා පැවසීය.

     

    අගෝස්තු 21 පවත්වන්නට නියමිත වෙළඳ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කලාපයක් වියට්නාමය තුළ ගොඩ නැගිමට සැලසුම් සාකච්ඡා කිරීමට තමන් අපේක්ෂා කරන බව බදියුදීන් මහතා ප්‍රකාශ කළේය. ධීවර අපනයනය වර්ධනයට ඉදිරියේදී පියවර ගන්නා බවත් වියට්නාම් ආයෝජකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරක යටිතල පහසුකම් සංවර්ධනය, රබර් නිෂ්පාදනය, බෝට්ටු නිෂ්පාදනය හා නගර සංවර්ධනය සඳහා මෙරට රජයෙන් දොරගුළු විවෘත කර දී ඇති බවත් 100%ක ලාභ ඉපැයීමට ලංකාව තුළ ඉඩප්‍රස්ථාව ඇති බවත් ඔහු පැහැදිලි කළේය.

     

    වියට්නාම් ආයෝජකයින් ජාත්‍යන්තර වෙළඳ පොළ තුළ තෙල්, ගෑස් ව්‍යාපෘති (වෙනියුසියුලාවේ) දියත් කර ඇති අතර ඊට අමතරව විදුලි සංදේශනය, හෝටල් වැනි ක්ෂේත්‍රවලින්ද ජාත්‍යන්තර වෙළඳපොළ ආයෝජනය කර ඇති බවත් ඉදිරියේදි වියට්නාම් ආයෝජකයින් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන බවත් ටොන් සින් තාන් මහතා මෙම හමුවේදී වැඩිදුරටත් පවසා සිටියේය.

     

    SDF

    Nam and Sri Lanka1Nam and Sri Lanka2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya