අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ෂාමල් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේ නියෝජනයට

    අගෝස්තු 07, 2014

    අවුරුදු 18න් පහළ ශ්‍රී ලංකා ටෙනිස් ජාතික ශූරයා වන රාජකීය විද්‍යාලයේ ෂාමල් දිසානායක අගෝස්තු 14 - 28 දක්වා චීනයේ නැන්ජිං නුවර පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලේ ටෙනිස් ඉසව්ව නියෝජනය කරයි.

    ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලකදී ටෙනිස් ඉසව්ව සඳහා ශ්‍රී ලාංකීය ක්‍රීඩකයකු ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර ආසියානු රටවල් අතරින් ජපානය හා දකුණු කොරියාව පමණක් මෙවර ටෙනිස් ඉසව්ව සඳහා ක්‍රීඩකයන් ඉදිරිපත් කෙරේ.

    යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ලද ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ල මෙන් වසර 4කට වරක් පැවැත්වේ. ප්‍රථම ගිම්හාන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ල 2010 අගෝස්තු 14-26 දක්වා සිංගප්පූරුවේදී පැවැත් වූ අතර ප්‍රථම ශීත යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ල 2012 ජනවාරි 13-22 දක්වා ඔස්ට්‍රියාවේදී පැවැත්විණි.

    දෙවන ගිම්හාන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ල මෙවර චීනයේ නැන්ජින් නුවර පැවැත්වෙන අතර දෙවන ශීත යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ල 2016 දී නොර්වේහිදී පැවැත්වේ. තුන්වන ගිම්හාන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙ‍ල 2018දී ආජන්ටිනාවේදී පැවැත්වීමට නියමිතය.

    MAP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya