අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර දියුණු කළ හැකි වෙළඳපොළක් තියෙනවා

    අගෝස්තු 07, 2014

    2005 දී ඇතිකරගත් නිදහස් වෙළඳ ගිවිසුමෙන් පසු පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර දියුණු කළ හැකි වෙළඳපොළක් තිබෙන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යංශ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්මිය හා පකිස්තානු අගමැති මුහම්මද් නවාස් ශාරිෆ් මහතා අතර ඊයේ (06) පකිස්තානු අගමැති නිවසේදී පැවති සාකච්ඡාවකදී අගමැති ශාරිෆ් මහතා විසින් පවසන ලදී.



    ශ්‍රී ලංකාව හා පකිස්තානය අතර පවතින ආර්ථික හා වෙළඳපොළ සබඳතාවල වැදගත්කම පිළිබඳව අගමැති ශාරිෆ් මහතා මෙම හමුවේදී අවධාරණය කළේය. දෙර‍ට අතර පවතින ආර්ථික හා වෙළඳ සබඳතාවලට එල්ල වන බාධක හඳුනාගැනීම අත්‍යවශ්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසීය.


    දෙරට අතර පෙර ඇති වූ ශ්‍රී ලංකා හා පකිස්තානු ආර්ථික ඒකාබද්ධ කොමිසම මඟින් හවුල් කාර්යය සබඳතා 4ක් වෙළඳ, ආයෝජන, මෝටර් රථ හා සංස්කෘතික සහයෝගය යන අංශවලින් ක්‍රියාත්මක කර සාර්ථක වූ බවත් අගමැති ශාරිෆ් මහතා මෙහිදී පැහැදිලි කරන ලදී.


    විවිධ ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී ලංකාව හා පකිස්තානය එකිනෙකාට සහයෝගය දැක්ජ වූ බව සෙනවිරත්න මහත්මිය මෙම හමුවේදී විශේෂයෙන් ප්‍රකාශ කළ අතර මෙම සහයෝගය දෙරට අතර ද්විපාර්ශ්වීය වෙළඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්ගෙන් ඉදිරියට ගෙන යා යුතු බවත් ප්‍රකාශ කළාය.


    ශ්‍රී ලංකා ගුවන් හමුදා එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි, පකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya