මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන එකම ක්‍රීඩකයා කෑගල්ලෙන්

    අගෝස්තු 06, 2014
    චීනයේ නැංජිං නුවර පැවැත්වීමට නියමිත යොවුන් ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම මලල ක්‍රීඩකයා වන කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ ආර්.ඩී.ඒ. විදුසංක සිසුවාට සබරගමු පළාත් සභාව රුපියල් ලක්ෂයක මුදලක් පිරිනැමීය.
     
    මීට අදාළ චෙක්පත ප්‍රදානය පසුගියදා කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලීය උත්සව ශාලාවේ දී පැවැත්විණි. මහ ඇමති මහීපාල හේරත් මහතාගේ නියමයක් මත මෙම චෙක්පත ප්‍රදානය පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහතා අතින් සිදු විය.
     
    ආර්.ඩී.ඒ. විදුසංක සිසුවා යොවුන් ඔලිම්පික් තරගමාලාවට පූර්වගාමීව පසුගිය දා තායිලන්තයේ පැවති අවසන් පූර්ව තරගයේ දී මීටර් 400 ධාවන තරගයට ඉදිරිපත්ව චීනයේ නැංජිං නගරයේ පැවැත්වෙන එම අවසන් තරගාවලියට සුදුසුකම් ලැබීය. ඔහු එම අවසන් තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරන එකම එක ශ්‍රී ලාංකීය මලල ක්‍රීඩකයා යැයි මෙහිදී අදහස් දැක්වූ ශාන්ත මරියා විදුහලේ විදුහල්පති එන්.ඒ.ඩී.ආර්. හේමන්ත මහතා පැවසීය.
     
    මීට අමතරව පසුගියදා ඉන්දියාවේ පැවති දකුණු ආසියාතික පාසැල් ක්‍රීඩා තරගාවලියේ කරාතේ වයස අවුරුදු 16ත් 17ත් අතර කුන්තේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනූ කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ජී.ජී.එම්.පී. කුමාරි සිසුවියට සබරගමු පළාත් සභාව පිරිනැමූ රුපියල් පනස්දහසක චෙක්පත සහ එම තරගාවලියේ වයස අවුරුදු 14ත් 15ත් අතර කරාතේ කුන්තේ ඉසව්වේ දෙවන ස්ථානය දිනාගත් එම විද්‍යාලයේ ම ටී.බී.ඒ. සේනාධීර සිසුවියට රුපියල් විසිපන්දහසක චෙක් පත ද, මැලේසියාවේ පැවති ජාත්‍යන්තර තරගයක දී ත්‍රෝ බෝල් ක්‍රීඩාවෙන් දෙවන ස්ථානය දිනූ එම විද්‍යාලයේ තාරිකා වික්‍රමසේකරට රුපියල් විසිපන්දහසක චෙක්පත ප්‍රදානය ද කනක හේරත් මහතා අතින් එදිනම සිදු විය.
     
    DB
     
    st.marys- 3
     
     
    st.marys- 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya