අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යොවුන් පුරයේ තරුණ තරුණියන් ගේ ක්‍රීඩා කුසලතාව නංවාලීමට නව වැඩසටහන් රැසක්

    මාර්තු 31, 2019

    තරුණ සේවා සභාවේ මූලිකත්වයෙන් තාරුණ්‍යයේ ක්‍රීඩා කෞෂල්‍ය වර්ධනය කිරීම සදහා ක්‍රීඩා ඉසව් රැසක් පැවැත්වේ.

    සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි වොලිබෝල් තරගාවලියක් පැවැත්වුණු අතර එය ගැහැණු පිරිමි භේදයකින් තොරව පැවැත්වෙන මිශ්‍ර වොලිබෝල් තරගාවලියකි.

    මීට අමතරව කඹ ඇදීමේ තරග, කරාතේ පුහුණු කිරීමේ වැඩසටහන් මේ යටතේ සිදුවන බව තරුණ සේවා සභාවේ ක්‍රීඩා අංශයේ සහකාර අධ්‍යක්ෂ ධර්මකීර්ති උක්වත්ත මහතා පවසයි.

    යොවුන් පුර 2019 වොලිබෝල් තරගාවලියෙන් ශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයටද, අනුශූරතාව නුවරඑළිය දිස්ත්‍රික්කයටද හිමි විය. මිනි මැරතන් තරගයේ පිරිමි අංශයේ ප්‍රථම ස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයටත්, කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය බදුල්ලටද හිමි විය.

    එමෙන්ම කඹ ඇදීමේ ශූරතාව කොළඹ දිස්ත්‍රික්කයටත්, අනුශූරතාව ගම්පහ දිස්ත්‍රික්කයටත් හිමි වී තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya