මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රිඩා සංගම් 28ක නිලවරණ කටයුතු පැවැත්වීමට නියමිතයි- ක්‍රීඩා අමාත්‍ය

    පෙබරවාරි 15, 2019

    2019 වසර තුළ ක්‍රීඩා සංගම් 28ක නිලවරණ කටයුතු පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ක්‍රීඩා සංගම්වල නිලවරණ සහ වර්තමාන තත්ත්වය පැහැදිළි කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ දී ඊයේ (14)පැවැති මාධ්‍ය හමුවකදී ය.

     එහිදී තවදුරටත් අදහස් දැක් වූ ක්‍රීඩා ඇමැතිවරයා පැවසුවේ, ක්‍රීඩාවේ ඇති වන ප්‍රශ්න ගැටළු සහ ක්‍රීඩකයන්ගේ ඇතිවන ප්‍රශ්න නිරාකරණය කර ගැනීම සඳහා ක්‍රීඩා දුක්ගන්නාරාළවරයෙකු පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි. ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සොයා බැලීමට සහ ඔවුන් වෙනුවෙන් රක්ෂණාවරණයක් සඳහා ක්‍රීඩා උපදේශක මණ්ඩලයක් පත් කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

    සුගතදාස ක්‍රීඩාංගනය බවත් දියගම ධාවන පථයත් දැනට අබලන් වී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා, ඉදිරියේ දී පිහිනුම් තටාකයක් සහ ධාවන පථයක් සහිත අංග සම්පූර්ණ ක්‍රීඩාංගයනයක් ලංකාවේ සෑම පළාතකම ඉදිකිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කරගෙන යන බවත් අමාත්‍යවරයා පැවසීය.

    ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රීඩා නිලවරණයට තමාගේ කසිදු ඇඟිලි ගැසීමක් නොමැති බවද මේ සම්බන්ධ සියළු උපදෙස් තමා නීතිපතිතුමාගෙන් ලබා ගත් බවද ක්‍රීඩා අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසිය. දැනට ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු කීඩකයකු අයි.සී.සී දූෂණ මර්දන කොමිසමට ඇතුළත නැගී නැති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    දැනට ක්‍රීඩා සංගම් සහ ක්‍රීඩකයන් අතර නොයෙක් ප්‍රශ්න තිබෙන අතර ඒ සම්බන්ධව අවශ්‍ය පියවර ඉදිරියේ දී ගැනීමට සූදානම් බවත් පැවසූ අමාත්‍යවරයා, ක්‍රීඩා ව්‍යවස්ථාව මාෆියාවක් බවට පත් නොකර තරණයන්ට,තරුණ අදහස්වලට අවස්ථාව ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බවද පැවසීය.

    "ඒ සඳහා අලුත් ව්‍යවස්ථාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පාර්ලිමේන්තු පනතක් විදියට ගේන්න කටයුතු කරනවා.ක්‍රිකට් සුද්ද කිරීමේ පළමු ව්‍යාපෘතිය වන්නේ මෙයයි." තවද ක්‍රීඩා සංගම් 66ක සහභාගිත්වයෙන් කවුන්සිලයක් මේ මස 25 සහ 26 දිනයන්හි දී ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද ඒ මහතා පැවසීය.

    මෙම අවස්ථාවට ක්‍රිඩා අමාත්‍යංශයේ ලේකම් චූලානන්ද පෙරේරා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල යන මහත්වරුද එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya