අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායමට රුපියල් මිලියන 08ක අනුග්‍රාහක දායකත්වයක්

    දෙසැම්බර් 19, 2018

    නාවික හමුදා පිරිමි සහ කාන්තා රග්බි ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනයට සහ එම දක්ෂතා ඉදිරියට ගෙන යාම සදහා හට්ෂිසන් විදුලි සංදේශ සමාගම විසින් රුපියල් මිලියන 8ක අනුග්‍රාහක දායකත්වයක් අද (19) ශ්‍රී ලංකා හමුදා මූලස්ථානයේදී ලබා දෙන ලදි.

    නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතාගේ උපදෙස් මත නාවික හමුදා රග්බි සංගමයේ සභාපති, රියල් අද්මිරාල් උදය හෙට්ටිආරච්චි මහතා සහ එහි ලේකම් කොමාණ්ඩර් (සැපයුම්) ධම්මික අබේසුන්දර මහතා, මෙම නව අනුග්‍රාහක දායකත්වය සමග නාවික හමුදා රග්බි කණ්ඩායමේ ක්‍රීඩා කෞෂල්‍ය ඉහළ නැංවීමට කටයුතු කරන බව නාවික හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානී රියල් අද්මිරාල් පියල් ද සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකා නාවික හමුදාවට මෙන්ම ජාතික තලය සදහා දක්ෂතාවලින් පරිපූර්ණ රග්බි ක්‍රීඩකයන් බිහි කිරීම උදෙසා මෙමගින් කටයුතු සැලසෙන අතර ශ්‍රී ලංකා නාවික හමුදා පිරිමි රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයින් 05 දෙනෙකු ජ්‍යේෂ්ඨ ජාතික රග්බි ක්‍රීඩකයන් වේ. මීට අමතරව අට දෙනෙකු කණිෂ්ඨ ජාතික ක්‍රීඩකයන් වන අතර කාන්තා ක්‍රීඩිකාවන් 09 දෙනෙකු ජාතික ක්‍රීඩිකාවන් වී ඇත.

    මෙලෙස ශ්‍රී ලංකා නාවික හමුදා රග්බි කණ්ඩායම 2013 වසරේ සිට ක්‍රමයෙන් වර්ධනය වී අදවන විට ජාතික තලයේ ප්‍රමුඛ රග්බි සමාජයන්ට අභියෝගයක් වී ඇති වෘත්තීය මට්ටමේ දක්ෂතාවන් පෙන්නුම් කරන ප්‍රබල රග්බි කණ්ඩායමක් බවට පත් වී ඇති බව රියල් අද්මිරාල් පියල් ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය. නාවික හමුදා පිරිමි සහ කාන්තා රග්බි කණ්ඩායමේ සාමාජිකයන් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරමින් නාවික හමුදාවට පමණක් නොව රටටද මහත් කීර්තියක් අත්කර දී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya