අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2018 ජාතික මල්ලවපොර තරඟාවලියෙන් පොලීසියට ජයග්‍රහණ රැසක්

    දෙසැම්බර් 14, 2018

    ශ්‍රී ලංකා මල්ලවපොර සංගමය විසින් 78 වන වරට සංවිධානය කරනු ලැබූ 2018 ජාතික මල්ලවපොර ශූරතා තරඟාවලිය 2018 පසුගිය දා මීගමුව කඩොල්කැලේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ අනුස්මරණ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.

    මෙම තරඟාවලියට ත්‍රිවිධ හමුදා මල්ලවපොර කණ්ඩායම් ඇතුළුව මල්ලවපොර කණ්ඩායම් 10 කින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 150 දෙනෙකු පමණ සහභාගි වු අතර ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගි විය.

    ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් මෙම තරඟාවලියට සහභාගි වූ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් වන 9014 රුවිනි ජයරත්න හා 9482 නදුනි ද සිල්වා යන ක්‍රීඩිකාවන් රන් පදක්කම් 01 බැගින් දිනාගත් අතර උප පොලිස් පරීක්‍ෂක ඩී.එම්.ඒ. ගුණවර්ධන ක්‍රීඩකයා හා කාන්තා උප පොලිස් පරීක්‍ෂිකා කේ.ජී.එස්. මධුෂිකා, කාන්තා පොලිස් කොස්තාපල් 4995 වාසනා සඳමාලි යන ක්‍රීඩිකාවන් රීදී පදක්කම් 01 බැගින් දිනා ගන්නා ලදි.

    තවද සමස්ත තරඟාවලියේ කාන්තා අංශයේ තෙවන ස්ථානය ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම හිමිකරගත් අතර පදක්කම් ලැබු ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 05 දෙනා ජාතික සංචිතයට තේරී පත්වීම ද විශේෂ සිදුවීමක් විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya