අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධ සහිතවූවන්ගේ මලල ක්‍රීඩා උළෙල -2018

    ජූලි 23, 2018

    පුත්තලම දිස්ත්‍රීක්කයේ ආබාධ සහිතවූවන්ගේ මලල ක්‍රීඩා උත්සවය පසුගියදා පුත්තලම ශාන්ත ඇන්ඩෘ මධ්‍ය මහ විද්‍යාලිය ක්‍රිඩාංගනයේදි පවත්වන ලදි.

    පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද මහතාගේ මෙහෙයවිම යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් සමාජ සේවා අංශය සහ ක්‍රිඩා අංශයේ සංවිධානයෙන් මෙම ක්‍රිඩා උත්සවය පවත්වන ලදි.

    අබාධිත සහිතවූවන්ගේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා උළෙලේ තරග වදින ලද පළමු ස්ථාන ලබා ගන්නා ක්‍රිඩක,ක්‍රිඩාකාවන් ජාතික මළල ක්‍රිඩා උත්සවයට ඉදිරිපත් කෙරේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාල 16 ආවරණ වන පරිදි ආබාධ සහිත බාලක , බාලිකා වන් 300 කට වැඩි පිරිසක් මෙම ක්‍රිඩා උළෙලේ තරග ඉසව් සදහා සහභාගිවිය.

    මෙම උත්සවය සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම්.සී.කේ වන්නිනායක සහකාර දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිලධාරින් හා රාජ්‍ය නොවන ආයතන නිලධාරින් සහභාගී විය.

    DMU/Puttalam

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya