අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුණු විදීමේ ක්‍රීඩාවේ සමාරම්භක උළෙල මැයි 03 වැනිදා මාතර - කොටවිල දී

    අප්‍රේල් 30, 2018

    දුණු විදීමේ ක්‍රීඩාවේ සමාරම්භක උළෙල දකුණු පළාත්  ක්‍රීඩා අමාත්‍ය මනෝජ් සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායකමහතාගේ සහභාගිත්වයෙන් මැයි මස 03 වැනි දින පෙ.ව. 9.00 ට මාතර - කොටවිල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වේ.

    2019 වසරේ සිට දුණු විදීමේ ක්‍රීඩාව පාසල් මට්ටමින් හා ජාතික මටිටමින් ජාතික මහා ක්‍රීඩා උළෙලට ඇතුළත් කිරීමට නියමිත අතර දුණු විදීමේ ක්‍රීඩාව නගා සිටුවීම හා ජනතාව අතර වඩාත් ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම සමාරම්භක උළෙල සංවිධානය කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ක්‍රීඩා අංශය සඳහන් කරයි.

    මේ අවස්ථාවට දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශයේ ලේක්ම් වර්නන් පෙරේරා මහතා, දකුණු පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂක බන්දුල අබේසේකර මහතා හා මාතර දිස්ත්‍රික් දුණු විදීමේ ශිල්ප සංගමයේ ගරු සභාපති ඉංජිනේරු ඩී.කේ. නානායක්කාර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වීමට නියමිත ය.

    මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව හා දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යංශය, මාතර දිස්ත්‍රික් දුණු ශිල්ප සංගමය හා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබයි.

    DMU/Matara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya