මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාසල් ක්‍රිකට් ගොඩනඟන තුන් අවුරුදු ජාතික සැලැස්මක්

    ජනවාරි 04, 2018

    පාසල් ක්‍රිකට් ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2018-2020 එළිදැක්වීම  සහ ඒ සම්බන්ධ ව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුව පසුගිය දා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

    ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමානයේ දක්නට ඇති පසුබෑම සඳහා බලපා ඇති හේතු හඳුනාගෙන ඒ සඳහා දිගු කාලීන විසඳුම් ලබාදීමේ අරමුණින් පාසල් ක්‍රිකට් ක්‍රීඩා ජාතික මෙහෙයුම් සැලස්ම සකස් කිරීමේ කමිටුව අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත ස්ථාපිත කර තිබේ.

    මෙරට ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් පුහුණුකරුවන් සහ උපදේශකවරුන්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සැදුම්ලත් එම කමිටුව විසින් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡා වට කිහිපයක් අවසානයේ දී මෙම මෙහෙයුම් සැලැස්ම සකස් කරනු ලැබීය. මෙම මෙහෙයුම් සැලසුමේ ඇති යෝජනා වන්නේ,

    1.      ජාතික මට්ටමට පැමිණීමට මාර්ගයක් ලෙස 13 න් පහළ 15 න් පහළ 17 න් පහළ හා 19 න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලි නිසි පරිදි සකස් කිරීම

    2.      පාසල් ක්‍රිකට් ක්‍රීඩයන්ගේ සහභාගිත්වය දිරිමත් කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම හා පාසල් ක්‍රීඩකයින් වෙනුවෙන් ක්‍රීඩා සෞඛ්‍ය ඒකක පිහිටුවීම.

    3.      පාසල් ක්‍රිකට් සදහා අවශ්‍ය යටිතල පහසුකම් turf wickets, matting wickets, concrete wickets, nets සහ ගෘහස්ථ ක්‍රීඩාගාර වැඩි දියුණු කිරීම.

    4.      ක්‍රිකට් ක්‍රීඩා උපකරණ (Bowling machines, පන්දු, ලකුණු පුවරු පැති තිර) හා අනෙකුත් සියලු උපකරණ සැපයීම.

    5.      පාසල් ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය පුහුණුකරුවන්, භෞත චිකිත්සකවරුන්, විනිසුරුවන් ඇතුළු පහසුකම් සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සැපයීම.
     

    6.      පුහුණුකරුවන්ගේ හා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ඵලදායි සංවර්ධනයට අවශ්‍ය  ශිෂ්‍යත්ව ලබාදීම.

    7.      National junior selection panel / ජාතික කණිෂ්ඨ තේරීම් මණ්ඩලයක් හා  පළාත් සදහා නිර්ණායක ඇති කිරීම

    8.      අන්තර් ජාතික තරගාවලි හා තම ප්‍රදේශයෙන් බැහැර තරගාවලි ඒ ඒ වයස් කාණ්ඩ අනුව සංවිධානය කිරීම.

    9.      බාහිර සම්පත් දායකයින් යොදා ගනිමින් ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් පරිපාලන නිලධාරීන් ඇතුළු අනෙකුත් සියලුම පාර්ශව සඳහා නායකත්ව, මනෝ උපදේශන, අල්ලස් හා දූෂණ වැළක්වීම, ක්‍රීඩා ආචාර ධර්ම පුහුණු වැඩසටහන් පැවැත්වීම. පරිගණක, ක්‍රිකට් හැකියා සංවර්ධනය සහ මාධ්‍ය භාවිතය පිළිබඳ ත්‍රෛභාෂා වැඩසටහන් පැවැත්වීම.

    10. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව සදහා වෙබ් අඩවියක් ස්ථාපිත කිරීම

    11.සියලුම වයස් කාණ්ඩ මට්ටමින් පාසල් හා පළාත් මට්ටමින් පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම.

    12.    බාහිර අනු.%dහකයන් පාර්ශවයන් සමග සම්බන්ධතා වර්ධනය කරගැනීම මගින් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම.

    13.    පාසල් ක්‍රිකට්හි මූල්‍ය ශක්තිය හා පරිපාලන ව්‍යුහය ශක්තිමත් කිරීම සහ  එය තිරසාර කිරීම.

    14.    පාසල්වල සේවය කිරීම සඳහා ක්‍රිකට් පුහුණු උපදේශකවරු 200 ක් බඳවා ගැනීමට කටයුතු කිරීම

    යන ප්‍රධාන කරුණුයි.

    පාසල් ක්‍රිකට් ක්‍රීඩා ජාතික මෙහෙයුම් සැලස්ම සකස් කිරීම සඳහා සහයෝගය දැක්වූ සිදත් වෙත්තමුණි, ජයන්ත සෙනෙවිරත්න, රොෂාන් මහානාම, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන, රොජර් විජේසූරිය, කාල්ටන් බර්නාඩ් ඇතුළු හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් අශෝක සේනානි හේවගේ මහතා ඇතුළු නිලධාරීන්ටත්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ටත් අධ්‍යාපන අමාත්‍යවරයා සිය ස්තූතිය මෙහිදී පිරිනැමිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya