අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ධූරයට ෂී ජින් පිං යළි පත්වෙයි

    ඔක්තෝබර් 25, 2017

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්වරයා ලෙසට ෂී ජින් පිං මහතා තේරි පත් වෙයි.

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පළමුවැනි පූර්ණ සැසිය අද (25) බෙයිජිංහිදී නිමාවට පත්විය.

     

    චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පළමුවැනි පූර්ණ සැසිය ඡන්ද විමසීමෙන් Xi Jinping, Li Keqiang, Li Zhanshu, WangYang, Wang Huning, ZhaoLeji සහ HanZheng චීන කොමියුනිස්ට් පක්ෂ‍යේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයින් ලෙසට තේරීපත් වූහ.

     

    මීට අමතරව, මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර කමිටුවේ සාමාජිකයන් විසින් ඉදිරිපත් කරනු ලැබූ නාම යෝජනාවට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ලේකම් කාර්යාලයේ සාමාජිකයන් සම්මත කෙරුණු අතර මධ්‍යම කාරක සභාවේ යුධ කමිටුවේ සාමාජිකයන්ද තීරණය කෙරිණ.

     

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම විනය පරීක්ෂණ සභාවේ පළමුවැනි පූර්ණ සැසියේදී ජන්ද විමසීමෙන් තේරි පත් වූ ලේකම්වරයා, උපලේකම්වරයා සහ ස්ථාවර සාමාජිකයෝද අද පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි මධ්‍යම කාරක සභාවේ පළමුවැනි පූර්ණ සැසියේදී සම්මත කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya