අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය ඇරඹේ

    ඔක්තෝබර් 18, 2017
    චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය අද (18) බෙයිජිංහිදී ආරම්භ විය.
     
    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම කාරක සභාව නියෝජනය කරමින් මෙවර සම්මේලනය වෙත දේශපාලන වාර්තාවක් ඉදිරිපත් කළේය.
     
    චීනයේ ඉදිරි වර්ධනය පිළිබඳ පරිපූර්ණ සැලැස්මක් එමඟින් එළි දැක් වෙයි.
     
    චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත සාමාජික සංඛ්‍යාව මිලියන 89කට අධික ය. එයින් 2000කට වැඩි නියෝජිත පිරිසක් මෙවර සම්මේලනයට එක්ව චීන ජනාධිපතිවරයාගේ දේශපාලන වාර්තාව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි මධ්‍යම විනය පරීක්ෂණ සභාවේ කාර්ය වාර්තව මෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යවස්ථාවට සංශෝධනයක් පරීක්ෂා කරනු ඇත.
     
    එමෙන්ම ඡන්ද විමසීමෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ නව මධ්‍යම කාරක සභාව හා නව මධ්‍යම විනය පරීක්ෂණ සභාව තෝරා ගැනීමට නියමිතව ඇත.
     
    ගත වූ වසර 5 තුළ ගෝලීය ආර්ථික පුනරුදය මන්දගාමී තත්ත්වයක පැවති නමුත් චීන කොමියුනිස්ට් පක්ෂය නව සංවර්ධන සංකල්ප අනුගමනය කරමින් වර්ධන ආකාර වෙනස් කිරීම මගින් චීන ආර්ථිකය සුවිශාල ජයග්‍රහණ ලබා ගෙන ඇත.
     
    දළ දේශීය නිෂ්පාදන සමස්ත වටිනාකම යුවාන් ට්‍රිලියන 80කට ළඟා වී තිබේ. ලෝක ආර්ථික වර්ධනයට දායක වීමේ අනුපාතය සියයට 30 ඉක්මවා ඇත. ආර්ථික රාමුව අඛණ්ඩව යහපත් කරමින් ඩිජිටල් ආර්ථිකය ඇතුළු නව කර්මාන්ත වේගවත්ව වර්ධනය වෙමින් පවතී. කෘෂිකර්ම නවීකරණය ස්ථිර ලෙස ඉදිරියට ගමන් කරමින් පවතී. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ කැපී පෙනෙන සාර්ථකභාවයක් ලබා ගෙන තිබේ. දකුණු මුහුදේ දූපත් සංවර්ධනය සක්‍රීය වෙමින් පවතී. චීනයේ විදේශ වෙළෙඳාම හා ආයෝජනය සහ විදේශ විනිමය සංචිතය ලෝකයේ ඉහළ මට්ටමක පවතී.
     
    ගෙවි ගිය වසර පහ තුළ, චීන කොමියුනිස්ට් පක්ෂයේ පරමාදර්ශය හා විශ්වාසය පෙරට වඩා ස්ථිර වන බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය වෙත කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළේය. පක්ෂ පාලනය පිළිබඳ දේශපාලන වගකීම විවිධ තලවල ක්‍රියාත්මක කරමින් පක්ෂ රෙගුලාසි නොකඩවාම පරිපූර්ණ කර ගැනීමට චීන කොමියුනිස්ට් පක්ෂයට හැකි වී ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය. චීන කොමියුනිස්ට් පක්ෂයේ දූෂණ මැඬලීමේ අරගලය ඉතා ප්‍රබල නැඹුරුවක් බිහි කරමින් ස්ථීර ආකාරයෙන් ඉදිරියට ගෙන යමින් පවතින බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරනය කළේය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya