අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික යෞවන ක්‍රීඩා උළෙල ලබන 27 දා සිට

    සැප්තැම්බර් 20, 2017

    29 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙල දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3,000කගේ සහභාගීත්වයෙන් උතුරුමැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති ,අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ ඩබ්.ජී.එස්.එරන්දික මහතා පැවසීය.

    මෙම ක්‍රීඩා උළෙල පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අතර එහිදී ඒ මහතා මේ බව සඳහන් කළේය.

    මෙම ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙල, ලබන 27 දා ප.ව. 3.00ට ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදේශයේ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ. මෙහි ජය සංකේත ප්‍රදානය හා සමාප්ත සමාචාර උළෙල ලබන 30 දා ප.ව. 3.00 ට කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය හැරිසන් සහ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය.

    මෙම ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව සඳහා මුදලින් රු: 150,000ක් හා ශූරතා කුසලානයද, අනුශූරතාවය සදහා මුදලින් රු: 100,000ක් හා අනුශූරතාව කුසලානය ද 20ක් ඉහළ හා පහළ ක්‍රීඩික ක්‍රීඩිකාවන් සිව්දෙනා හට වටිනා යතුරු පැදිය බැගින් ද නව තරග වාර්තාවක් බිහිකිරිම වෙනුවෙන් රු: 10000ක් ද ශ්‍රී ලංකා වාර්තාවක් බිහිකිරීම වෙනුවෙන් රු: 50,000 බැගින් ද පිරිනැමීමට කටයුතු කර ඇති බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    මේ අවස්ථාවට සහකාර දිස්ත්‍රික් ක්‍රීඩා ධර්මකීර්ති උක්වත්ත, සහකාර මාධ්‍ය අධ්‍යක්ෂ ජයතිලක අධිකාරි යන මහත්වරු සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya