මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බීච් කබඩි තරග 22 සහ 23 දෙදිනදී

    ජූනි 19, 2017

    හම්බන්තොට දිස්ත්‍රික් කබඩි සම්මේලනය සංවිධානය කරණ බීච් කබඩි තරගාවලිය ලබන 22 සහ 23 යන දෙදින පුරා තංගල්ල වෙරළ තිරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත .



    දිස්ත්‍රික් කබඩි සම්මේලනයේ සභාපති කිර්ති ගුණතිලක මහතා පැවසුවේ මෙම බීච් කබඩි තරගාවලියට කණ්ඩායම් 30 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත බවය .

    ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ පුර්ණ දායකත්වයද මෙම බීච් කබඩි තරග මාලාව සඳහා ලැබෙන බවද කිර්ති ගුණතිලක මහතා පැවසීය .

    ඔහු කියා සිටියේ තම සම්මේලනය ප්‍රථම වරට මෙවැනි බීච් කබඩි තරගාවලියක් සංවිධානය කරණ බවය .

    මෙම තරග මාලාවේ ශුරතා සහ කුසලාන ප්‍රදානෝත්සවය ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතාගේ ප්‍රදානත්වයෙන් 23 දින පස්වරුවේ සිදු කිරීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya